20

1.3K 287 58
                                    

පැයක් විතර අපි එතනට වෙලා බලාගෙන හිටියා. එක වචනයක්වත් නොකියා... ඒත් වෙලාව යනවා අපිට දැනුනෙවත් නෑ... මගේ ජීවිතේ නිස්කලංකවම ගතකරපු  හෝරාව ඒ...🍂 ඒත් අපි දෙන්නම පියවි සිහියට ගෙනාවේ ශොනාල් අයියාට ආපු call එක.

"ආහ් ආවත් එක්කද හරි හරි ගිහින් වොෂ් එකක් දාගන්න අපි එන්නම්."

"ඇවිල්ලද ඒ දෙන්නා"

"ඕ... යමු නේ. තව දවසක එමු මෙතනට"

"තව දවසක මාව මෙහෙ එක්ක එනවද?"

"ඔයාගෙ විභාග සේරම ඉවර වෙලා ඔයා ස්වාධීන උනාට පස්සේ කොහොමත් ඔයා මෙහෙ තමයි ඉන්නේ"

මගේ මූණ ලැජ්ජාවෙන් රතු වුනා. ඒ නිසාම මම අයියාගෙ අතේ එල්ලිලා ඇවිදගෙන ගියා

"පීනන්න බෑ කිව්වා නේද? ඇත්තටමද කිව්වේ ඊයේ?"

"ඈ...ආහ්...ඕඕ... පීනන්න නම් බෑ තමා. ආසයි පුරුදු වෙන්න. ඒත් බයයි"

"මම පුරුදු කරන්නද?"

"මේ දැන්😳"

"දැන් නෙවේ ... වෙන වෙලාවක"

"හ්ම් වෙන දවසක උගන්න්නකෝ එහෙනං. ආයෙ කවදා එන්න වෙයිද දන්නෑ🥺..."

"ඒකනං දන්නෑ"

"හුම්... දැන් උගන්නන්න තිබ්බා"

"දැන් බෑනෙ මගේ බූරු පැටියෝ"

🤣එයා එහෙම කියද්දි මට තේරුනා මම අර ෂ්රෙක් කතාවෙ ඉන්න මෝඩ බූරු පැටියා වගේ කියලා😅 ඌ මෝඩ ප්‍රශ්න අහ අහ කච කච ගගා ශ්‍රෙක් පස්සෙන් වැවිදිනවා වගේම සිද්දියක්  තමයි මෙතනත් වෙන්නේ. කමක් නෑ ශ්රෙක් එයාගෙ බූරු පැටියාට ආදරේ නේ....

******************

"අම්මෝ උබලා කියටද බම් ගියේ. පාන්දරම ගියාද? කෝ ස්නෝපි... හොදින්ද"

"ඔව්... එයා හොදින්. ඒවා ගැන පස්සෙ කතා කරමු. කාලා බීලා ඉන්න ඕනෙ"

"උබට විතරක් නෙවේ අපිටත් බඩගිනි. නැද්ද පොඩ්ඩෝ"

"ඔව්... අපි දෙන්නා වතුර උගුරක්වත් නොබී හිටියේ අයියලා එනකන්😅"

"පලයල්ලා යන්න. ආහ් සනූප මෙතන වාඩිවෙන්න"

ඒත් සනූප වාඩි නොවී තීක්ශන අයියා දිහාත් මම දිහාත් මාරුවෙන් මාරුවට බෙල්ල බැලුවා.
මම එයාට ප්‍රියමනාප හිනාවකින් සංග්‍රහ කලේ මම හැමදේම අමතක කරලා එයාව පිලිගන්න බව හගවන්න.

༺ℌ𝔢 𝔠𝔞𝔫 𝔰𝔩𝔢𝔢𝔭 𝔴𝔦𝔱𝔥 𝔞𝔫𝔶𝔬𝔫𝔢࿐🍂(completed)Where stories live. Discover now