Room number 9 ඔන්න මම එනවා.....
අපොයි....
_______________________
මං වගේ අවාසනාවන්තයෙක් මේ ලෝකෙ කොහෙවත් නැතුව ඇති.
ස්නෝපියි එයාගෙ ජරා යාලුවයි දෙන්නාම ඒක අස්සේ...
ස්නෝපි කැත පාච්චල් හිනාවක් කටේ කොනේ තියාගෙන මං දිහා බලන් හිටියා."ආහ් ඉඳුවර මල්ලී.... අන්තිමේ දෛවය අපි දෙන්නාව එකතු කරා නේ. මේ ඇද මගේ අනික මුගේ. ඔයාට පුටුව සැප ඇති නේ"
කරුමේ පස්සෙන් පන්නන්නෙ මම ගිය ආත්මේ කරපු ලොකූ පවක් ගැන ටොකු ඇන ඇන මට මතක් කරලා දෙන්න වගේ.... සීනියර් අයියලා තුන්දෙනාත් හිනා වෙවී උඩට ආවේ මහා ලොකු වීර කමක් කරලා වගේ.
යෝයෝට නම් කාමර අංක හයේ තනියම සැපේ ඉන්න ඉඩ ලැබිලා. මගේ ලකී නම්බර් මානසිකත්වේ තමා මාව කෑවේ... අන්ධ විශ්වාස හින්දා කෙල වෙනවා කියලා මං අද ඉගෙන ගත්තා.
" මල්ලිලා එහෙනං තම තමන්ට ලැබුනු කාමර වල සැපට ඉන්න. ටිකක් රෙස්ට් කරන්න... රෑ වෙලා පාටියක් දාන්න තියනවා...."
"අඩේ මුන් පස් දෙනාම මේක අස්සෙද?... ෂැප ෂැප මම්ලිලා ඈ... ඇද යට දෙකයි උඩ දෙකයි දාලත් මදි. තොපිට පැක් වෙලා ඉන්න වෙන්නේ"
"ගානක් නෑ අයියා...කොහොමත් මුං එක්ක අවුරුදු ගානක් ඉදලා අපිට පැක් වෙලා ඉන්න හුරුයි. හැබැයි මුන් මුන් වනචාරියෝ වගේ"
"උබලට හොදනං අපිට මොකෝ...හරි හරි අපි යනවා...මතක් කරලා හොදට සබධ් ගාලා නා ගන්න. ගද ඉන්න බෑ. රිසෙප්ෂන් එකේ ලස්සන අක්කලා ගාවට ගදට යන්න එපා කෙල්ලෝ ටික යයි ගම රට දාලා. එහෙම උනොත් මේ trip එකේ අගේ නුති වෙනවා"
"මට හිතුනා පැනගෙන යද්දිම උබ පෙරේතකමට තමා ඔය යන්නේ කියලා. අක්කලාට ඉන්න දීපම්... යමං"
පස් දෙනාගෙ රූම් එකේ පැක් වෙලා ඉන්න තිබ්බනං ඒත් සැපයි කියලා මට ඒ වෙලාවේ හිතුනා. මේ දෙන්නා ඇගක්වත් හෝද ගන්නෙ නැතුව ඔහේ ඇද උඩ වැතිරිලා කියෝනවා.
දාඩියට ඇඟ ඇලෙනවා ඉන්න බැරි නිසා මම ඇදුම් ටික ලෑස්ති කරගෙන බාත් රූම් එකට ගියා. ඒත් එක පාරට

YOU ARE READING
༺ℌ𝔢 𝔠𝔞𝔫 𝔰𝔩𝔢𝔢𝔭 𝔴𝔦𝔱𝔥 𝔞𝔫𝔶𝔬𝔫𝔢࿐🍂(completed)
Romanceලංකාවේ ප්‍රසිද්ධ පිරිමි පාසලක සිදු වූ සත්‍ය කතා වස්තුවක් පාදක කොටගෙන ගෙතූ ප්‍රබන්ධ කතාවක්.... 20+ BL True beauty BL version 💎 #1 in SL (2021.08.03) #1 in socialproblems (2021.08.03) #2 in boyluv (2021.08.01)