මගේ ඒ කෙටි වචන ටිකෙන් හැමෝගෙම වෙරි හිදෙයි කියලා නං මම නිකමටවත් හිතුවේ නෑ. ඒත් වෙරිමතේ හිටි හැම කෙනාම ඇස් ලොකු කරගෙන මගේ දිහා බැලුවා. ඒත් තීක්ෂන අයියා හිටි විදිහටම හිටියා. කාගෙ වෙරි හිදුනත් වනිදුවාගෙ නම් බීපුවායේ බලේ කිසි අඩුවක් නැතුව වැඩ කරා.
"අනේ හරි ශෝක්...අපේ ඉදුවර මල්ලි ආස ශොනාල් අයියාට... එහෙනං පින්වතුනේ අපි දැන් ශොනාල් අයියා වෙත පිවිසෙමු..."
"මගෙන්ද... අනේ මේ"
"අනේ මේ නෙවේ අයියා ආස කාටද"
"එහෙම කෙනෙක් තෝරගන්න බෑනෙ ඉතින්. මම ටැක්සිටත් ආසයි,යාපාටත් ආසයි, අපේ කනියාට ආසයි, ෂිෆාටත් ආසයි..."
"බෑබෑ අයියා සීනියර් අයියලා සෙට් එකේ පිහිටෙන් ගැලවෙන්න බෑ. අයියා ආස මල්ලි තෝරන්න...අපි අතරින්...මගේ නම කිව්වත් පාඩු නෑ හොදේ"
"අනේ දෙයියෝ උබ නං එපා" අයියා එක වටයක් නිකමට ඇස් කැරකුවා... "ඉදුවර මල්ලී හොදයි"
"ඕහෝ...මෙන්න අපට නව ජයග්‍රාහී යුවලක් හම්බ වෙ......."
"යුවලක් මගුලක් නෑ භල්ලෝ... නිකං මල්ලි කෙනෙක් වගේ හොදයි කිව්වේ. මගුලක් කියනවා"
අහපු බැනුමෙන්වත් වනිදු අයියාගෙ කට වැහුනේ නෑ... බයිටට තිබ්බ එක පීරිසියක් හිස් කිරීමෙන් පස්සෙ ආයෙම වනිදු අයියාගෙ වාචාල කට ඇරුනා.
"තීක්ශන අයියා...ඔයා... කාටද... කැමති..."
හැම කෙනෙක්ම බලාපොරොත්තු උනේ ඔහුගෙන් එක උත්තරයයි. ඒ මම බලාපොරොත්තු වුනු දේමයි...
"මම කාටවත් කැමතී නෑ. ඉදගෙන බීපම් බැරිනං ගිහින් නිදා ගනින්"
අයියාගෙ කටහඩේ තිබුනේ විහිලුවකට එහා ගිය බැරෑරුම් බවක්. ඒ බව ඉව වැටුනු ගමන් සදරු අයියා වනිදු අයිය්ව ඇදගෙන ගිහින් තමං ලග වාඩි කර ගත්තා. ඒත් ඒ ගැන බලන්න මට ලොකු සිහියක් තිබුනේ නෑ. තීක්ශන අයියාට තරහා ගියේ මම කියපු දේ නිසාද...
මම ශෝනාල් අයියාගෙ නම කියපු නිසාද...
"හරි හරි ආය අහ්න්නෑ කාටද කැමතී කියලා... තීක්ශන අයියා අරක කැලයක්ද... අපි යං එහෙ... ඒකත් ඔයාගෙද...අපි යං... දැං යංකෝ... සදරූ... මාව අරං යනවකෝ....යංකෝ...සත්තුත් ඉන්නවද"

YOU ARE READING
༺ℌ𝔢 𝔠𝔞𝔫 𝔰𝔩𝔢𝔢𝔭 𝔴𝔦𝔱𝔥 𝔞𝔫𝔶𝔬𝔫𝔢࿐🍂(completed)
Romanceලංකාවේ ප්‍රසිද්ධ පිරිමි පාසලක සිදු වූ සත්‍ය කතා වස්තුවක් පාදක කොටගෙන ගෙතූ ප්‍රබන්ධ කතාවක්.... 20+ BL True beauty BL version 💎 #1 in SL (2021.08.03) #1 in socialproblems (2021.08.03) #2 in boyluv (2021.08.01)