04

3.7K 623 142
                                    

ඒත් එක දවසක් ඒ ඒකාකාරීත්වය මහ භයානක විදිහට බිදිලා ගියා.

____________________________________________________

Someone's POV

" නෑ බං මම නෙවේ ඒකිගෙන් මුලින් ඇහුවේ. ඒකිම තමා පස්සෙන් ආවෙ... කොහෙද උබලා විශාවාස කරන්නෑනෙ... සිරාවට කිය........"

"අර බලපං නාරිලතා අද උදේම ඉස්කෝලෙ ඇවිත්"

"ඌ තනියමමයි ඉන්නේ නේද? උට යාලුවෝ නැද්ද බං? "

" ඇයි බං අර හිටියෙ එකෙක්... මතකද අර තඩි ලපයක් තිබ්බ ඩෑල් එක. ඌ ගියානෙ බං කොහෙදෝ.... හිටපම්කෝ🤔... කැනඩාවෙ මං හිතන්නේ"

"අම්මටසිරි එහෙමද?"

"ඒක නෙවේ ඌ හෙන කට්ටක් කාලා උඩට යන්නේ අර උඩ ලැට් එකටලු බං.ඌ හැමෝම යන එකට යන්නෑලු🤣 මට හිතෙනවා උට අපේ අවයව නෙවේද දන්නෑ තියන්නේ🤣🤣 ඔච්චර හංගන්නේ ඒකනේ"

"අඩෝ ඒකහ්🤣🤣😂.... මට නං චූ බරේ ඉද්දි ඔය පඩිපෙල නැග්ගොත් මගේ මූත්‍රාශෙ පුපුරලා මම හබක්"

"යමංකො ටිකක් ඌ පස්සෙන්"

" ඕනෙ නෑ බං ඕකාට ඉන්න දීපං. අනික කාටද දැං ඔය පඩිපෙල නගින්න පුලුවන්"

" උබ දෙන්නෙ නැතුව හිටපංකෝ"

"මටත් තියනවා ඕකා එක්ක පොඩි ගණුදෙනුවක් බේර ගන්න"

"උබට මොකක්ද ඌත් එක්ක තියන ගනුදෙනුව?"

"ඇයි යකෝ උබලා දන්නැද්ද.... ඕකාව club එකට තෝරගෙන. මුට මොනවා තියනවා කියලාද. ඒකෙන් අපිට එක spot එකක් නැති උනා. අනික ඕකාව අරං තියන්නේ කිසිම දක්ෂතාවයක් බලලා නෙවේලු. මම ඔය මගුල දෙපාරක් fail උනා. උට පුලුවන්ද එක පාරින් යන්න😤"

"උබමනේ එක දවසක් කිව්වේ උබව ඒකට තෝර ගත්තත් යන්නෑ කියලා... දැං මොන....."

"ශ්🤫... දැන් නං කටවල් වහ ගනිල්ලා"

"ඒ පාර මොන මගුලක්ද කරන්න යන්නේ. උබ ලැට් එක සුද්ද කරන්නද කොසු ඉදල් හාරන්නේ🤣"

"නාරිලතාට පොඩි ගේමක් දෙමු. ඕකා හෙන බයගුල්ලා. ඇතුලේ දාලා හිර කරමුද වැඩේ බලන්න"

"අඩෝ බං එපා හරිතයා.... ඕකා මැරෙයි බයටම"

ඇත්තටම මම ඒ කොල්ලාට එච්චර කැමති නෑ තමයි. ඒත් මට ඒ ලමයා ගැන මොකක්දෝ අනුකම්පාවකුත් තිබුනා. මොකද ඒ ලමයා හිතේ ලොකු ප්‍රශ්න ගොඩක් හිරකරගෙන ඉන්නවා වගේ මට දැනුනා. එහෙව් එකේ අපි මොකටද එහෙම ලමයෙක්ට කරදර කරලා සතුටු වෙන්නේ.

༺ℌ𝔢 𝔠𝔞𝔫 𝔰𝔩𝔢𝔢𝔭 𝔴𝔦𝔱𝔥 𝔞𝔫𝔶𝔬𝔫𝔢࿐🍂(completed)Where stories live. Discover now