10

3K 468 310
                                    

(Induvara's POV)

"එහෙනං මල්ලි මං කියපු දේ ගැන හිතලා බලන්න. ලබන අගහරුවාදා උදේ අටට එන්න. Seniors ලා වෙනම යන්නේ. ඔයාලයි අපියි hotel එකේදි තමා හම්බ වෙන්නේ. එහෙනම් හිතලා බලන්න"

මොකක්ද ඒ කියපු හරුපේ තේරුම.... ඇත්තටම මට කොහෙ හරි යන්න එන්න කියලද කිව්වේ...එහෙමත් නැත්තම් එයා මොකක් හර ඉඟියක්ද දුන්නේ... ඇත්තටම මගේ මෝඩ මොලේට තේරෙන්නෙ කෙලින් කිව්වොත් විතරයි.

**************************

(සදුදා)
"ඔය දොර ඇරපං ගිහින්...උගුඩුවා වගේ බලං ඉන්නේ මොනවද"

"හරී හරි මේ යන ගමං"

පාන්දරම ගෙදර බෙල් එක ring උනාම මම හිතුවේ කාන්ති නැන්දා කියලා. මම විතරක් නෙවේ තාත්තා හිතුවෙත් එහෙමයි. ඒත්...

"ආහ්...පුතා.... මං ඒත් බැලුවා මොකෙක්ද මේ මහ පාන්දර අපෙ බෙල් එක උඩ ඉදගෙන නිවනක් නැතුව ඒක මිරිකන්නේ කියලා...බැලින්නං මේ සෙහාන් පුතා"

"ශොනාල්...අංකල්"

"හහ් මොකක්හරි... මොකද ඉලන්දාරියා පාන්දරම මේ පැත්තේ ගාටන්න හිතුවේ?"

"අංකල් හෙට තමා යන්නේ අර මම කියපු ගමන... මල්ලිව එවනවා නේද? මොකද juniors ලාට යන්නම වෙනවා. ඒක එයාලටත් හොද experience එකක් ගන්න පුලුවන්,"

"ඔව් ඔව් මං එවන්නං" තාත්තා තීරන ගන්නේ හරියට නිකං මේ මගේ ජීවිතේ නෙවේ එයාගෙ ජීවිතේ වගේ... කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නෑ...අඩුම ගානේ මගෙන් ඇහුවෙවත් නෑ... නිකං දෙනවනං දෙමල පත්තරේටත් පොරකන මිනිස්සු....

ශොනාල් අයියා ඒ ටික කියලා මං දිහා හැරිලා බැලුවා. එයා මගේ මූනෙ ඉරියව් අතරින් එදා කතා වුනු හැම දේටම පිලිතුරු හොයන බව මං දැනන් හිටියා. ඒ නිසාම මම එයාගෙ මූණ දිහා කෙලින් බැලුවේ නෑ.

ගෙදර දොරෙන්වත් ඇතුලට නෑවිත් මේ මනුස්සයා හැරිලා යනවා. මට වචනයක්වත් හරියට තකා කරන්න ඉඩක් ලැබුනේ නෑ.

"අයියා.... අයියා..."

"ඔව් මල්ලී" ශොනාල් අයියාගෙ වේගය කොච්චරද කියනවනම් ගේට්ටුවෙනුත් එලියෙදියි එයාව අල්ල ගන්න පුලුවන් උනේ.

༺ℌ𝔢 𝔠𝔞𝔫 𝔰𝔩𝔢𝔢𝔭 𝔴𝔦𝔱𝔥 𝔞𝔫𝔶𝔬𝔫𝔢࿐🍂(completed)Where stories live. Discover now