chapter 2

576 93 20
                                    

Author's p.o.v

    වෙලාව රෑ 10.00 . පාර දිගේ හරි අමාරුවෙන් කොල්ලෙක් ඇවිදන් එනව. මුලු ඇඟේම තැලුම් පාරවල් එක්ක හිටගෙන ඉන්නවත් පණක් නැති කොල්ල පාර පැනල එහා පැත්තෙ තියන බුසාන් railway station එක්ට යන්න හදන්නෙ බුසාන් නගරෙට සමුදෙන්න වගේ. ඇඟේ කිසිම ශක්තියක් නැතත් හිතේ හයිය නිසාම කොල්ල හරි අමාරුවෙන් පාර පනිද්දි අඩුම තරමෙ පාර දෙපැත්ත බලන්නවත් එයාට හරි හමන් සිහියක් තිබුනෙ නෑ. පාර මැදදි වේගෙන් තමන් පැත්තට එන වාහනේක හෙඩ් ලයිට් එකට ඇස් දෙක නිලංකාර වෙනකොට කොල්ලට එතනින් එහාට පැනගන්න ඕනෙ වුනත් එයාගෙ ශරීරය එයාට අවනත වුනේ නෑ.

     කොහොම වුනත් වැඩි වේගෙකින් නොආපු වාහනේ කොල්ලව හැප්පෙන්න ඔන්න මෙන්න තියල නවත්තගන්න වාහනේ ඩ්‍රයිව් කරන කෙනාට පුලුවන් වුනා. තවදුරටත් කිසිම කම්පනයක් දරාගන්න පුලුවන්කමක් කොල්ලට තිබුනෙ නෑ. මෙච්චර වෙලා දැනෙමින් තිබුන ශරීරයේ වේදනාව හිතේ හයිය පරද්දමින් උඩට මතු වෙනකොට කොල්ලගෙ ඇස් හිමීට පියවුනා. පියවෙන ඇස් අතරින් කොල්ල දැක්කෙ තමන් දිහාවට දුවන් එන කොල්ලො කීපදෙනෙක්.

🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯

Jungkook's p.o.v

     බීච් පාර්ටි එක ඉවර වෙලා අපි කට්ටිය්ම ගෙදර යන්න පිටත් වුනේ ටිකක් රෑ වෙලා. රෑ නිසා පාරෙ වාහන වැඩිය වැඩිය තිබුනෙ නැති වුනත් ජින් හ්‍යුන් වාහනේ හිමින් ඩ්‍රයිව් කලේ නම්ජූන් හ්‍යුන්ගෙ කටේ බලේටමයි. සමහර වෙලාවට ස්පීඩ් ලිමිට් පැන්නුවත් ඒ හැම පාරකම නම්ජූන් හ්‍යුන්ගෙන්  ටොකු කාපු නිසා ජින් හ්‍යුන් දැන් නම් ස්පීඩ් එක 50 ට අරන් යනව. පිටිපස්සෙ හිටපු අපි නම් සුපුරුදු විදියට නට නට ආවත් ජින් හ්‍යුන් ගහපු බ්‍රේක් පාරකට අපි ඔක්කොම ඉස්සරහට විසික් වුනා. වාහනේ නැවතුන ගමන් ජින් හ්‍යුන් වගේම නම්ජූන් හ්‍යුනුත් කලබලෙන් වාහනෙන් බැස්ස. වෙන දෙයක් හිතාගන්න බැරුව අපිත් වාහනෙන් බැස්සම දැක්කෙ පාර මැද කොල්ලෙක් වැටිල ඉන්නව.

     " වෙන්න බෑ.... හ්‍යුන් මේකව හැප්පුවාවත්ද... "  

     ජුනී හ්‍යුන් ඒ කොල්ලව අත් දෙකට අරගෙන අපිට කෑගැහුවෙ ඉක්මනින් නගින්න කියල. තමත් මෙතන වෙන දේ හරියටම මොලේට ප්‍රොසෙස් කරගන්න බැරුව හිටපු අපි තුන් හතරදෙනා වාහනේට නගිද්දි ජුනී හ්‍යුන් අර කොල්ලවත් අරන් බැක් සීට් එකට නැග්ග. ජින් හ්‍යුන් වාහනේ ලෑල්ලට පාගන්නෙ බුසාන් හොස්පිට්ල් එකට වෙන්න ඕනෙ. ඔන්න එතකොට නම් ජින් හ්‍යුන් ස්පීඩ් ලිමිට් පන්නනව කියාල ජූන් හ්‍යුන් මුකුත් කිව්වෙ නෑ. මුකුත් කියන්නවත් ටොකු අනින්නවත් එයාට බෑනේ. මොකද පැසෙන්ජර් සීට් එකේ හිටියෙ හොබී හ්‍යුන්. දෙන්නටම ඉතිම් අස්ස කුලප්පුවනේ . අවුලක් නෑ මෙහෙම ගියොත් ගෙදරටත් දඩ කොලයක් එවන සීන් එකක් තියෙන්නෙ.🤣🤣🤣🤣

     මාත් ඉතිම් ටිකක් ඉස්සිලා ජුන් හ්‍යුන් අතේ ඉඳපු කොල්ල දිහා බැලුව. නම්ජින් හ්‍යුන්ලගෙ කලබලේ මට තේරුනේ එතකොටයි.

     ඒ ලමයගෙ ඇඟ හැනතැනම තැලුම් පාරවල්. සිහියක් පතක් නොතිබ්බත් ඇස් දෙකෙන් ගලාගෙන ගියපු කඳුලු පාරවල් නිසා එයාගෙ වේදනාව මගෙ හදවතටම දැනුන. මන් එහා පැත්ත බලනකොට චිමී හිටියෙත් ඇස් වල කඳුලු පුරවන් අර කොල්ල දිහා බලාගෙන. යුන්ගි හොබී හ්‍යුන් දෙන්නත් කිසිම හැඟීමක් නැතුව වගේ එයා දිහා බලන් ඉන්නව. 😥😥😥😥😥😥

     ජින් හ්‍යුන් ඒ ටිකට හොස්පිට්ල් එකටත් ඇවිත්. නම්ජූන් හ්‍යුන් අර කොල්ලවත් අරන් හොස්පිට්ල් එකට දුවනකොට අපිත් ඒ පස්සෙන්ම ගියා. මන් නිකමට පිටිපස්ස බලනකොට මෙන්න ජින් හ්‍යුන් ගාට ගාට මලකුත් කඩ කඩ එනව. ජුනී හ්‍යුන් මෙතන ඉද්දි මේකා කා එක්ක මල් කඩනවද කියල හිත හිත ඉද්දියී මතක් වුනේ එයා අපේ ගෙවල් වලට වෙන්න ඇති කෝල් කරන්න ඇත්තෙ කියල. අයියෝ මම නම්.....😌😌😌

      අපි හැමෝම ICU එකට ගියේ එයාව පුලුවන් ඉක්මනින් ICU එකට ගත්තු නිසයි. අදම දැක්ක වුනත් ඒ තුවාලත් එක්ක හිටපු කොල්ලව දැක්කම අනුකම්පා හිතුනෙ මට විතරක් නෙමේ කියල මට තේරුනේ කට්ටියටම ගෙදර යන්න වුවමනාවක් නැති නිසා. ටිකකින් ICU එකෙන් එලියට ආපු ඩොක්ටර් අපි දිහා හරි බැරෑරුම් විදියට බැලුව.

    " ඔයාල ගෙනාපු පේශන් දැන් හොඳින්. අපිට පුලුවන් එයාව හෙට උදේ වෙනකොට නෝර්මල් වෝර්ඩ් එකකට දාන්න. ඒත් මට ඔයාලට වැදගත් දෙයක් කියන්න තියනව. ඒත් මෙතන මේ විදියට බෑ. මගෙ රූම් එකට යමු. "      ඩොක්ටර් එහෙම කියල යද්දි අපිත් ඉතිම් මොකාද පස්සෙන් යන මොක්කුද වගේ ඩොක්ටර් පස්සෙන් ගියා.

     " ජින් මම ඔයාව පෞද්ගලිකව අඳුරන නිසයි මේ දේවල් කියන්නෙ. මේ ලමයට කීප සැරයක්ම වගේ sexual abuse වෙලා තියනව. ඇඟේ හැම තැනම තැලුම් පාරවල්. තැන් කීපෙකම පුච්චපු පාරවලුත් තියනව. මන් අනුමාන කරනව ඒව සිගරට් එකකින් පුච්චපු කැලැල් කියල. ඒ වගේම මීට පැය කීපෙකට කලින්.....................   ඔයාලට තේරෙනව නේද මම කියන දේ . මේක බරපතලයි ජින්. "



.........................................................................

A/N

    ටන්ටටාන්.......   මං ආවා......   කවුද මේ කොල්ලා........   හරි හරි ඔයාල ඔය හිතන කෙනා තමා එයා.  

    අහම් අහම් නෑ නෑ මේකෙ කිසිම විදියකින්  21+   18+ වත් නෑ.  අපි බලමු එහෙනම් ඉස්සරහට වෙන්නෙ මොකද්ද කියල.   ගුන අගුන කමෙන්ට් කරන් යන්න මිතුරනී

    එහෙනම් ඊලඟ චැප්ටර් එකෙන් හම්බෙමු🤟🤟🤟🤟🤟🤟

   
                                             .... Gayeon .......
     

He Is The OneWhere stories live. Discover now