chapter 09

374 53 54
                                    

Author's p.o.v

   ඔලුවට දැනුන බර ගතියත් එක්ක ටේහ්‍යුන් ඇහැරුනා. ඒ වෙනකොටත් ටේහ්‍යුන් ලඟින් ඉඳපු මිසිස් ජියොන් එයාව වැලඳගත්තෙ ආදරෙන්.

  " පැටියෝ ඔයාට දැන් අමාරුවක් නෑනේද. අනේ මම ගොඩක් බය වුනා රත්තරං. ඔහොම ටිකක් ඉන්නකෝ මගෙ අතින්ම මම ඔයාට සුප් එකක් හැදුවා . ඒක අරන් ටක් ගාල එන්නම් හරිද. "

   මිසිස් ජියොන් ටේගෙ ඔලුවත් අතගාල කලබලෙන් රූම් එකෙන් ගියේ එයා හදපු සුප් එක අරන් එන්න.ටේ නැගිටපු සතුටටත් කලබලේටත් මිසිස් ජියොන්ට එවෙලෙ ටේහ්‍යුන්ගෙ තිබුන ලොකු වෙනසක් අඳුරගන්න බැරි වුනා.

   තරහෙන් අඳුරු වුන මුහුදු නිල් පාට ඇස් වෛරයෙන් දිලිසෙද්දි ටේහ්‍යුන් නැගිටල එයාගෙ කබඩ් එක ඇරියා. කබඩ් එකෙන් ගත්තු ඩයරියක මොනවදෝ කුරුටුගාපු එයා ආපහු ඇඳට ඇවිත් නිදාගත්තා.

   තමන් හදපු සුප් බඳුනත් අරගෙන කාමරේට ආපු මිසිස් ජියොන් දැක්කෙ ආපහු නිදන් ඉන්න ටේහ්‍යුන්ව. ඒත් එක්කම රූම් එකට සෝප් ජෝඩුව වගේම ජීකුක් ජෝඩුවත් කඩාගෙන ආවෙ ටේව බලන්න. මිසිස් ජියොන්ගෙ හඬින් ආපහු ඇහැරුන ටේගෙ කෝපි පාට අහිංසක ඇස් කඳුලින් තෙමුනෙ එයාල බලන් ඉන්නකොටමයි.

   " ඔම්මා. ඒ එයා ඔම්මා. අනේ මාව බේරගන්නකෝ. එයා මාව ආපහු මම හිටපු තැනට ගිහින් දායි. අනේ මට ආපහු යන්න බෑ ඔම්මා. ඒ මිනිහා මාව ආපහු ගිහින් දායි. "

   ටේහ්‍යුන් මිසිස් ජියොන්ව බදාගෙන අඬ අඬා කියපු දේවල් වල තේරුමක් අනිත් අයට හිතාගන්න බැරි වුනා. එයා දිගින් දිගටම කිව්වෙ එයාට ආපහු යන්න බෑ කියල.

   තවත් වෙලා බලන් නොඉඳපු ජන්කුක් ටේහ්‍යුන්ව එයාගෙ තුරුලට ගත්තා.

   " ටේටේ ඔයාගෙ කුකීට කියන්න පුලුවන්ද ඔයා මේ කාගැනද කියන්නෙ කියල. අපි ඔයාට කොහෙවත් යන්න දෙන්නෙ නෑ මැනික. දැන් අඬන්නැතුව කියන්න බලන්න මොකද වුනේ කියල. "

  ජන්කුක්ගෙ කතාවට ටේහ්‍යුන්ගෙ ඇඬිල්ල හිමීට නැවතුනා.

  " චිමී... කුකී... අද ප්‍රොෆෙසර් එක්ක ආපු සෙකියුරිටි  ඉන්නෙ. අන්න එයා තමයි මන් කලින් ඉඳපු තැනත් හිටපු සෙකියුරිටි . දවසක් එහෙ වෙන කරදර ඉවසන්නම බැරුව අපි කට්ටියක් පැනල යද්දි ඒ මනුස්සය අපිව ආපහු ඇදගෙන ගිහින් නිවාසෙට දැම්ම. අපිට හොඳටම ගැහුවත් එක්ක. අනේ එයා හරිම නපුරුයි............. මට බයයි එයා මාව ආපහු අරගෙන යයි කියල. "

He Is The OneWhere stories live. Discover now