chapter 12

347 39 25
                                    

  කලු ඩෙනිම් එකක්. කලු ටී ශර්ට් එකට උඩින් ලෙදර් ජැකට් එකක් ඇඳගෙන එකනතල ලේ වැකුන කිනිස්සක් තියන් ඉඳපු ටේහ්‍යුන් එයාලව පුදුමයට පත් කලා..

  වෙනදට ලස්සන දඟකාර හිනාවකින් හැම වෙලේම  මූන සරසන් ඉන්න එයාලගෙ හුරතල් සහෝදරයාගෙ  නොදුටු පැතිකඩ ජින් ජීමින් දෙන්නව පුදුමයට පත් කරවන එක එක අතකින් සාදාරනයි.

  " ටේටේ... ඔ..යා මොක..ද  මේ.. කර...න්..නේ..  ඇයි ඔ..යා මෙහෙ...ම ."

  අන්තිමට ජින් එයාගෙ කටහඬ අවදි කලේ වෙව්ලුම් ස්වරූපයකින්.

  " කවුද ටේහ්‍යුන් කියන්නෙ. ටේහ්‍යුන් කියල කිසිම  කෙනෙක් මෙතන නෑ...  "

   ඔහුගේ තියුනු කෝපාන්විත කටහඬ මදකට  පාර්ක් සහෝදරයන්ව තිගැස්සුවත් ජීමින්ට ඒකට නම් ටිකක් කේන්ති ගියා.

  " බොරු කියන එක නවත්තගන්නව ටේහ්‍යුන්..  "

  ජීමින් කෑගහගෙන ටේහ්‍යුන් දිහාවට ඇවිත් එයාගෙ එක අතකින් අල්ලගත්තා  .

  " කියනවා.. ඉතින් කියනවා .. තමුන් ටේහ්‍යුන් නෙමේ නම් මේ ෆ්‍රෙන්ඩ්ශිප් බෑන්ඩ් එක ආවෙ කොහෙන්ද කියල කියනව බලන්න. මේක තමුන්ට දුන්නෙ මම මයි.  එතකොට ඔය දාන් ඉන්න රින්ග් එක. ඒක ජන්කුක් ඔයාට දීපු එකක්.  මෙච්චර දේවල් තියෙද්දිත් ඔයා කියන්නෙ ඔයා ලී ටේහ්‍යුන් නෙමේ කියලද.  මගෙ හුරතල් අහිංසක යාලුවා කවද ඉඳන්ද මෙහෙම දරුනු වුනේ  ."

  ජීමින් ආවේගයෙන් කෑගහනකොට ටේහ්‍යුන් ජීමින්ගෙ අත ගසල දැම්මා..

  ඒත් මෙතන වෙන හැමදෙයක්ම අවදානයෙන් බලන් ඉඳපු ජින්ගෙ තියුනු ඇස් යොමු වුනේ වෛරයෙන් දිලිසෙන ඒ ඇස් දෙක දිහාවට. ඒ මුහුදු නිල් පාට දෑස් දැක්කම ජින්ට උන්හිටි තැන් අමතක වුනේ ටේහ්‍යුන්ගේ කෝපි පැහැ දෑස් මතක් වෙලා. ජින් ජීමින්ට අනතුරි අඟවන්න උත්සහ කලත් පරක්කු වැඩී . ඔහු තම අත තිබුන කිනිස්ස අතහැර  ජීමින්ගෙ බෙල්ලෙන්ම අල්ලගත්තා..

  " හාහ්... ටේහ්‍යුන් ..... ලී ටේහ්‍යුන්... එහෙම කෙනෙක් මෙතන නෑ.. මම V.   කිම් V . "

  එක අතකින් තුවාල වෙච්ච මනුස්සයගෙ කොන්ඩෙන් ඇදගෙන අනිත් අතින් ජීමින්ගෙ බේන් අල්ලන්  V ජීමින්ගෙ මූනටම එබුනා.. ඔන්න එතකොටයි ජීමින් දැක්කෙ V ගෙ මුහුදු නිල් පැහැයෙන් දිදුලන දෑස්  .

He Is The Oneحيث تعيش القصص. اكتشف الآن