chapter 6

325 59 16
                                    

  ............................................................................................
හේයි යාලුවනේ කතාව මතක නැත්තම් ටක් ටික් ටුක් ගාල කලින් චැප්ටර් එක කියවල දුවන් එන්නෝ.
..............................................................................................

" ඩොක්ටර් අපිට මේ කේස් එක ගැන කම්ප්ලේන් කරන්න බැරිද. ටේහ්‍යුන්ට වෙලා තියෙන්නෙ ලොකු අපරාදයක් "   මෙච්චර වෙලා නිහඬව හිටපු නම්ජූන් තමන්ගෙ හඬ අවදි කලා.

  " මට තේරෙනව ඔයාල කියන දේ මිස්ටර් නම්ජූන්. මන් ටේහ්‍යුන්ට ට්‍රීට්මන්ට්ස් කරන්නෙත් එයාගෙ ඩොකියුමන්ට්ස් වෙනස් කරල. මං ඔයාලට කලිනුත් කිව්වනේ මේ විදියට abuse වුන ලමයිව හම්බුනා කියල. ඒත් ඒ එක්කෙනෙක්වත් ජීවත් වුනේ නෑ. පොලීසියෙන් මේ ගැන හොයන්නෙවත් නෑ නම්ජූන්. ඒ කියන්නෙ මේ දේවල් මෙහෙයවන කනා පොලීසියත් එක්කත් ලොකු කනෙක්ශන් එකක් තියනව . මන් ටේහ්‍යුන්ගෙ ඩොකියුමන්ට්ස් වෙනස් කලෙත් එයාව බේරගන්න. ඔයාලම තීරනය කරන්න  දැන් මොකද කරන්නෙ කියල. "   

  " නැහැ නම්ජූන් මේ වෙලාවෙ අපිට මුකුත් කරන්න බෑ. ඉවසල ඉන්න එකයි හොඳම දේ. ටේහ්‍යුන්ට එයාගෙ මතකෙ ලැබුනොත් අපි බලමු ඉස්සරහට කරන්න පුලුවන් දෙයක්. පොලිසියත් මෙව්වට සම්බන්දයි නම් අපි නිකන්ම පැරදෙනව. අනිත් එක ඒකෙන් අපි නොදැනුවත්වම ටේහ්‍යුන්ගෙ ජීවිතෙත් අනතුරේ දානව . "      

   මිස්ටර් ජියොන් නම්ජූන්ගෙ පිටට තට්ටුවක් දාන ගමන් නැගිට්ට .

  " එහෙනම් අපි යන්නම් ඩොක්ටර්. හෙට ටේහ්‍යුන් එක්කන් යන්න එන්න නම් මට බැරි වෙයි. මේ ඉලන්දාරියො ටික එයි හෙට. හැමදේකටම ස්තූතී ඩොක්ටර්. "  

    මිස්ටර් ජියොන් රූම් එකෙන් එලියට යනකොට නම්ජින් දෙන්නත් එයාහෙ පස්සෙන් ගියේ ඩොක්ටර්ට ආචාර කරමින්.

   ඉවරයි.... මේ කතාව එතනින් ඉවරද. ටේහ්‍යුන්ගෙ අඳුරු කාලවකවානුවට වග කියන්න ඕනෙ අය බේරුනාද ඒකියන්නෙ. එයාට වුන අසාදාරනේ වෙනුවෙන් නැගිටින්න කෙනෙක් නැද්ද. මෙතනදි කීයටවත් ජන්කුක්ගෙ අප්පටවත් ජින්ටවත් ජූන්ටවත් කරන්න කිසිම දෙයක් නෑ. කෙනෙක්ට වෙච්ච අසාදාරනයකට සාදාරනයක් ඉල්ලල පිහිට පතන්නෙ පොලීසියෙන්. ඒත් පොලීසියෙනුත් සාදාරනයක් නැත්තම්....... හැමදේම අතහැරල තමන්ට අසාදාරනයක් වුනේ නෑ වගේ ජීවත් වෙන එක ඇරෙන්න මොනාද කරන්න තියෙන්නෙ. ඒ කියන්නෙ ඉස්සරහට ටේහ්‍යුන් වගේම තවත් ලමයි විඳවාවිඳ.............................................

He Is The OneWhere stories live. Discover now