chapter 4

438 78 26
                                    

Author's p.o.v

දේ.. මගෙ නම ටේහ්‍යුන් .... ලී .. ටේ..හ්‍යු..න්

..............................................................................................

ලී ටේහ්‍යුන්

ජීමින් ජන්කුක් දෙන්නගෙ වයසෙමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජීමින් ජන්කුක් දෙන්නගෙ වයසෙමයි. කොලේජ් එන්ට්‍රන්ස් එක්සෑම් ලියල රිසාල්ට් එනකම් ඉන්න කෙනෙක්. ටේහ්‍යුන්ගෙ ඔම්ම අප්ප නෑ. Fariey's gate ලමා නිවාසෙ තමයි මෙයා හිටියෙ.

..............................................................................................

" එහෙනම් ඔයාල කතා කරගන්නකෝ. ඒත් මේ ලමයව මහන්සි කරවන්න නම් එපා. තව දවස් දෙක තුනක් යනකොට මෙයාට ගොඩක් දුරට සනීප වෙයි. මෙයා හරි ෆිට් කොල්ලෙක්නේ. " ටේහ්‍යුන්ගෙ කොන්ඩෙත් අවුස්සල ඩොක්ටර් රූම් එකෙන් එලියට ගියා.

ඩොක්ටර් ලඟින් යනකොට ටේහ්‍යුන් බය වෙලා වගේ අනිත් අය දිහා බැලුවත් ඉක්මනින් ජන්කුක්ගෙ ඔම්ම ටේහ්‍යුන් ලඟට ගියා.

"පුතේ ඔයා දැන් කිසි දේකට බයවෙන්න එපා හොඳඳ. අපි හැමෝම ඔයාට ඉන්නව. ඉන්නකෝ ඔයාට මන් මෙයාලව අඳුන්නල දෙන්න. එතකොට ඔයාට දැනෙන අපහසු ගතිය නැති වෙලා යාවි හොඳඳ .

ඔන්න ඔය ඔයාගෙ බෙඩ් එකේ ඉඳන් ඉන්න කොට කොල්ල ඉන්නව නේද ... අන්න එයා තමා පාර්ක් ජීමින්. " ජන්කුක්ගෙ ඔම්මගෙ ඒ කතාවට හැමෝමභිනා වෙද්දි ජීමින් කෑගහන්න ගත්තත් අන්තිමට එයත් හිනා වුනා. හැමෝම හරි ආසාවෙන් බලන් හිටියෙ ටේහ්‍යුන්ගෙ අහිංසක හිනාව දිහා.

" ඔන්න එතකොට අර පූසෙක් වගේ හිටගෙන නිදි කිරන කොල්ල ඉන්නව නේද... එයා තමා මින් යුන්ගි. ඔය එතකොට එයාට එහා පැත්තෙ අපි ඔයාට ගෙනාපු ඇපල් ගෙඩියක් ශේප් එකේ උස්සම කෙනා ඉන්නව නේද ... එයා තමා මින් හෝසෝක්. ඔන්න එතකොට අර එහා පැත්තෙ පෙම් සුව විඳින කුරුලු ජෝඩුව ඉන්නව නේද... එතනින් පොල්ගහක් වගේ උස කෙනා තමා කිම් නම්ජූන්. අනිත් කෙනා පාර්ක් සොක්ජින්. එතකොට අර දොර ලඟ ඉන්න හැන්ඩිය ඉන්නව නේද ... ඒ තමා මගෙ හබී. අර එයාට එහා පැත්තෙ ඉන්න හා කොල්ල තමයි අපි දෙන්නගෙ නසරානි පුත්‍ර රත්නය ජියොන් ජන්කුක්. " තව කාටවත් වචනයක්වත් කියන්න දෙන්නෙ නැතුව හෝ හෝ ගාල කියවපු ජන්කුක්ගෙ ඔම්ම කතාව නවත්තනකොට කට්ටියටම හිනාව නවත්තගන්න බැරුව ගියා. ලෙඩ ඇඳේ ඉන්න ටේහ්‍යුන් පවා හිනා වෙනව.

He Is The OneWhere stories live. Discover now