chapter 3

545 88 41
                                    

Jungkook's p.o.v

       කට්ටිය්ම හුස්ම ගන්නත් අමතක වෙලා වගේ ඩොක්ටර් දිහා බලන් හිටිය . 😥😥

       දෙවියනේ මෙහෙම දෙයක්. ටික වෙලාවකට කලින් කඳුලු ගලන් ගිය ඒ අහිංසක මූන මතක් මට මතක් වුනා. කොහොමද මේ ලෝකෙ මිනිස්සු ඒ තරම් දරුනු වෙන්නෙ . මේ වගේ අහිංසකයෙකුට කරදර කරන්න තරම්.

     " ඩොක්ටර් අපිට පුලුවන් මේ ගැන පොලීසියට කියන්න. එයාල ඒ ගැන බලාගනී. "  ජින් හ්‍යුන්ගෙ කටහඬින් මන් පියවි සිහියට ආව.

     " ඒකම තමයි මෙතන ප්‍රශ්නෙ ජින්. ඔයා දන්නවද මේ අපට හම්බුන පලවෙනි කෙනා නෙමෙයි. අනිවාර්‍යයෙන් අවුරුද්දකට මේ හොස්පිට්ල් එකට හය හත් දෙනෙක්වත් මේ විදියට හම්බවෙනව. වැදගත්ම කාරනේ එයාල කවුරුත් පණපිටින් හම්බුනේ නැහැ. මේ ලමය ගොඩක් දුර්වලයි. ඒ වගේ දුර්වල තත්වෙක අර වගේ දෙයක් මේ දරුව දරාගන්න තරම් ශක්තිමත් වුනේ කොහොමද කියල මට හිතාගන්න බෑ . ඒක ලොකු පුදුමයක්. සමහරවිට මේ ලමයගෙ වාසනාව වෙන්න ඇති.

        අපි මේ abuse සම්බන්ධව පොලීසියට කිව්වත් කිසිම ප්‍රතිචාරයක් නෑ. ඔයාලට තේරෙනව නේද මන් කියන දේ . අනිත් එක හම්බුන ඩෙඩ් බොඩීස් වල අයිතිකාරයො ඔක්කොම අනාත ලමයි. මන් හිතනව මේ ලමයත් එහෙම වෙන්න ඇති කියල. ඉතින් ඉස්සරහට කරන්නෙ මොනාද කියල ඔයාලම තීරනයක් ගන්න ."     ඩොක්ටර් නොකියා කියපු දේ තේරෙන්න අපිට මහ වෙලාවක් ගියේ නෑ.

      " එපා ඩොක්ටර්. මේක පොලීසියට ඉන්ෆෝම් කරන්න ඕනෙ නෑ. සාමාන්‍ය විදියට එයාට ට්‍රීට් කරන්න. එයාට සනීප වුනාම අපි බලමු මොකද්ද කරන්න පුලුවන් කියල. "     නම්ජූන් හ්‍යුන් ටික වෙලාවක් කල්පනා කරල කිව්ව. වෙලාවෙ හැටියට ඒක තමයි කරන්න හොඳම දේ.

        " දැන් ඔයාල යන්න. මේ ලමයට හෙට නම් සිහිය එන එකක් නෑ . ඒත් අනිද්ද වෙනකොට බලාපොරොත්තු තියාගන්න පුලුවන්. "

      ඩොක්ටර්ට සමුදීල අපි ගෙදර ආවත් මගෙ හිතේ වැඩ කලේම අර නමක් නොදන්න කොල්ලව. එයාගෙ සිහියෙන් ගෙට ගොඩ වෙනකොටම දොර  ලඟට වෙලා හිටියෙ මගෙන් ප්‍රශ්න පත්තරයක් අහන්න වගේ බලන් ඉන්න මගෙ ඔම්මයි අප්පයි. ඒත් එයාල මුකුත් අහන්න කලින්ම එයාල දෙන්නව බදාගෙන මන් මෙච්චර වෙලා හිර කරන් ඉඳපු කඳුලු නිදහස් කලා.😥😥😥😥😥

He Is The OneWo Geschichten leben. Entdecke jetzt