chapter 8

350 60 16
                                    

ලෙක්චර් හෝල් එකට ඇවිත් ටික වෙලාවක් හිනා වෙවී කතා කර කර හිටපු සෙට් එකේම ෆෝන්ස් එකපාර වයිබ්‍රේට් වෙන්න ගත්ත . කන්ෆියුස් ලුක් එකකින් හැමෝම තමන්ගෙ ෆෝන් දිහා බලද්දි කට්ටියගෙම මූනෙ ඇඳුනෙ දඟකාර හිනාවක්. ඔව් ඔව් ජීකුක් ඩබල එහෙම් පිටින්මපේපර් එක ගෲප් එකට දාලතිබුන.

   " ඒ මොනාද බන් මේ ප්‍රශ්න. මෙව්ව ඉගැන්නුවෙ කවද්ද එතකොට . මේ බලපන් අපි පාඩම් කරත් මෙව්වට උත්තර නම් ලියන්න බෑ. අපිව ෆේල් කරන්නම හදලද මන්ද මේක මේ යකා. "  

   තැලිච්ච තක්කාලි ගෙඩිය වගේ මූනය්හ් හදන් ටේහ්‍යුන් කෑගැහුවෙ හැමෝටම ඇහෙන්න.

   " ඉක්මන් කරමු . අපි මෙව්වට උත්තර හොයාගන්න ඕනෙ. අමාරු ප්‍රශ්න සේරම කොලේක ලියමු. ඊට පස්සෙ ලයිබ්‍රිය අනිත් පැත්ත පෙරලල හරි මෙව්වට උත්තර හොයමු. මොනා කරත් අපේ කෑම්පින් ට්‍රිප් එක කැන්සල් වෙන්න දෙන්න බෑ . "    අනේ ඉතිම් ඒ තමා මේ බැච් එකේ බැච් ටොප්

   සෙට් එකම එකතු වෙලා අමාරු ප්‍රශ්න ටික කොලේක ලියල ඉවර කරනකොටම හෝල් එකට ආවෙ ජීකුක් ඩබල. ඒ ඩබලව දැක්ක ගමන් සෙට් එකම පිස්සො ටිකක් වගේ කෑගහන්න ගත්තෙ සතුටටමයි. මේ කට්ටිය මේ විදියට ඉන්න තැනත් අමතක කරල බෙරිහන් දෙද්දි ලෙක්චර් හෝල් එකට සෝප් ඩබලත් එක්ක තව ලමයෙක් ආවා.

   " නවත්තනවල ඔය කෑගහන එක. මේක යුනි එක කියල අමතක වුනාද. "

   යුන්ගි කෑගහනකොට කට්ටියම නිශ්ශබ්ද වෙලා ඉන්න තැන් වලින් ඉඳගත්ත.

  " පොඩ්ඩක් ඉන්න. ටේමින් ඔයා නේද මේ. ඔයා නේද ලී ටේමින් කියන්නෙ . මිස්ල් ස්කූල් එකේ ඉඳන් මට හිටපු යාලුව. "

   ටේහ්‍යුන් අලුතින් ආපු ලමයගෙ උරහිස් දෙකෙනුත්බල්ලන් එයාගෙ මූනටම එබිල අහනකොට එයත් ලස්සනට  හිනාවෙලා ඔලුව වැනුව.

   " ඔව් ටේටේ මේ මම අනේ.. ඔයා දැන් ගොඩක් වෙනස් වෙලා. ඔයා කොහෙද මෙච්චර කල් හිටියෙ. මට ඔයාව කන්ටැක් කරගන්නවත් විදියක් තිබුනෙ නෑ. කමක් නෑ  දැන් මට ඔයාව හම්බුනානේ. "

   ටේමින් හැමෝම ඉස්සරහ ටේහ්‍යුන්ව වැලඳ ගත්ත. මුලු බැච් එකම හිනා වෙවී ෆ්‍රී ෆිල්ම් එකක් බලද්දි එක හාවෙක් නම් පුපුර පුපුර බලන් හිටිය. ඒක දැකපු හෝසෝක් ඉක්මනට ඒ දෙන්නගෙ මැද්දට පැනල දෙන්නව ඈත් කලා.

He Is The OneWhere stories live. Discover now