chapter 11

212 33 15
                                    

  බයවෙන්න එපා ජන්කුක්. දැන් මම ශක්තිමත් කෙනෙක්. ඔයාගෙ ටේව මම හැමදාමත් ආරක්ශා කරනවා. ඔයා ගොඩාක් හොඳ කෙනෙක්.  මම හිත සතුටින් ඔයාට ටේව බාරදීල පැත්තකට වෙනවා. ඒ වගේම බොහෝම ඉක්මනින් ටේට වුන අසාදාරනයට පලිගන්න එක ඉවරයක් කරනවා.

Time skip......

After 4 days........

   " යා....... ලී ටේහ්‍යුන්.....  ඔයා ඔය මොනවද කන්නෙ."

  ජන්කුක් උදේ පාන්දර ගේ දෙවනත් වෙන්න කෑගැහුවෙ ටේහ්‍යුන් කන කෑම දැකලා.

  " සීරියල් වලට ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් කලවන් කරන් කන්නෙ මොන රටේද ටේ.... මට කියන්න එඔආ ඔයා ඕක දැන් කෑව කියලා. මොනාද එතකොට ඔය එහා පැත්තෙ කෝප්පෙ තියෙන්නෙ. මෙහෙ දෙන්න බලන්න. "

  ජන්කුක් ටේහ්‍යුන්ගෙ කෑම එක  එහා පැත්තෙ තියන කෝප්පෙ අතට ගත්තා.

"මොන ජරාවක්ද මේ.......  "

  ජන්කුක් ඇහුවෙ මෙච්චර වෙලා ජන්කුක් කියන කිසි දෙයක් අහන්නෙ නැතුව දත් 32ම දාන් හිනාවෙන ටේ දිහා බලලා. ඒ මූන දැක්කම ජන්කුක්ට හිනා යන්න ආවත් ආපහු හිනාව ගිකගෙන ටේ දිහා බැලුවා.

  " බඩේ අමාරුව හදාගෙන කුරු කුරු ගානවකෝ.. මන් බලාගන්නම්. "

  ජන්කුක්ගෙ කෑගැහිල්ලට ජියොන් යුවලත් එතනට ආවත් ටේහ්‍යුන්ගෙ අමුතු ජාතියෙ කෑම එක දැකල ඒ දෙන්නත් බඩ අල්ලන් හිනා වුනා.

  " අයිගෝ ටේටේ.... මොනාද කොල්ලො මේ.. "

  ජන්කුක්ගෙ අප්පා ඇහුවෙ ටේගෙ කරටත් අතදාගෙන.

  " මෙහෙම රහයි අප්පා... මගෙ නව සොයා ගැනීම් මෙව්ව.. "

  ටේහ්‍යුන් හිනාවෙවී කිව්වා.

  " හරි හරි ළමයිනේ... මේ අහන්නකෝ ඔයාලට කියන්න දෙයක් තියනවා. "

  ජන්කුක්ගෙ අප්පා කියනකොට ටේකුක් ජෝඩුවම අප්පා දිහා බැලුවා.

  " අද රෑ බීච් පාර්ටි එකක් තියනව මිස්ටර් කිම්ගෙ . දෙන්නත් එක්ක හත විතර වෙද්දි ලෑස්ති වෙන්න පාර්ටි එකට යන්න. "

  " අයියෝ පාර්ටී එකක්........... මට බෑ අනේ කම්මැලීනේ........"

  " නවත්තගන්න කුකී... මිසිස් කිමුත් කිව්ව ඔයාල දෙන්නම එක්කන් එන්න කියලා. අනිත් එකඑයාගෙ පුතාල දෙන්නත් ලඟදිනෙ මෙහෙට ආවෙ.ඉතින් ඔයාලට අලුත් යාලුවො දෙන්නෙක් අඳුරගන්නත් පුලුවන්."

He Is The OneWhere stories live. Discover now