chapter 10

213 37 13
                                    

Author's p.o.v

Next day morning

   ටේහ්‍යුන් උදේ නැගිටල පහලට එනකම් ජියොන් පවුලෙ හැමෝම කෑම මේසෙ ලඟ හිටියා. සුපුරුදු විදියටම එක එක කෑම ජාති වලින් වගේම විහිලු තහලු වලින් එයාලගෙ කෑම මේසය පිරිල ඉතිරිලයි තිබුනේ.

   කාල ඉවර වුන ගමන් කුකී දුවන් ගිහින් TV එක දැම්මෙ අද යන රෙස්ලින් මැච් එක බලන්නමයි. උදේට කාපු ගමන් වුනත් කොහෙන්දෝ හොයාගත්තු චිප්ස් පැකට් එකකුත් අරන් ටේහ්‍යුනුත් ජන්කුක්ගෙ රාජකාරියටම එකතු වුනා. ඒත් ඉතිම් ඒව කොහෙද තාත්තල ඉන්නකම්. ජන්කුක්ගෙ තාත්ත ආපු ගමන් චැනල් එක මාරු කලේ නිවුස් බලන්න.

  BREAKING NEWS

  ඊයේ රාත්‍රියේ බුසාන් විශ්වවිද්‍යාලය තුළ පුද්ගල ඝාතනයක් සිදුව ඇත. ඝාතනය වී ඇත්තේ විශ්වවිද්‍යාලයේ ආරක්ශක නිළදාරියෙක් වන අතර ඔහු ඊට පෙර Fairey's Gate ළමා නිවාසයේ ආරක්ශක නිළදාරියෙක් ලෙසද කටයුතු කර ඇත. මීට සති කිහිපයකට පෙර ඝාතනය වූ එම ළමා නිවාසයේම මේට්‍රන් වරයාට මෙන්ම මොහුටද දරුණු ලෙස වදහිංසා දී ඇති බවත් මේ ඝාතනයන් දෙකම තනි පුදගලයෙකු විසින් සිදු කර ඇතැයි පොලීසියෙන් සැක කරයි. ඔවුන් දෙදෙනාගේම මළ සිරුරු සැසඳීමේදී එම සිරුරු දෙකෙහිම පපු ප්‍රදේශයේ V අකුරේ හැඩයක විදාල කැපුමක් පවතී. පෙර ඝාතනය මෙන්ම මෙවරත් කිසිඳු සාක්ශියක් ඉතුරු නොකිරීමට මෙම පුද්ගලයා සමත් වී ඇත. මේ හේතුවෙන් බුසාන් විශ්ව විද්‍යාලය සතියක කාලයක් වසා දැමීමට විශ්වවිද්‍යාල බලධාරීන් තීරණය කර ඇත.

 

  " අනේ.... කුකී..... ඒ එයානෙ කුකී... බලන්නකෝ එයාව මරලා... කවුද කුකී මේ දේවල් කරන්නෙ. අර ලේ හැමතැනම. "

  ටේහ්‍යුන් නිවුස්වල පෙන්නපු දේවල් දැකලා වෙව්ලමින් ජන්කුක්ගේ තුරුලට ආවා. ජන්කුක් හිටියේ ටේහ්‍යුන්ව සන්සුන් කරන්න උත්සහ කරමින්.

  " ශ්..ශ්... මේ .. මේ බලන්නකෝ ඔක්කොම හරියාවි ටේ.. පොලීසිය ඒ මනුස්සයව අල්ලයි පැටියෝ. මේ දේවල් අමතක කරන්න හොඳඳ. යන්නකෝ ගිහින් ලෑස්ති වෙන්න අපි පාර්ක් යමු. චිමීත් දැන්මග එනගමන්. "

He Is The OneWhere stories live. Discover now