Chapter 08 🍂

620 145 63
                                    

Jungkook p.o.v.

" වහ්.... දැන් අපි මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා නේ.....??? "

මෙඩිකල් ෆැකල්‍ටි එක ඉස්සර ගේට්ටුව දිහා බලාගෙන ටේහ්‍යුන් කිව්වේ උද්‍යෝගිමත් විදියට. එයා කැම්පස් ජීවිතේ ගැන උනන්දුවෙන් වගෙය් ඉන්නේ. ආසාවෙන් මෙඩිකල් ෆැකල්ටියෙ උස ගොඩනැගිලි දිහා බලාගෙන ඉන්න ටේහ්‍යුන්ගෙ හැම චලනයක්ම මං හොදින් බලාගෙන හිටියා. සතුටින් ඉදිද්දි දිලිසෙන ඇස්... රෝස පාට කම්මුල්.... රතුම රතු පාට තොල්.... පුංචි ළමයෙක් වගේ කතා කරද්දි කරකවන ඇස්.... මේ හැම දෙයක් දිහාම මම ආසාවෙන් බලාගෙන හිටියා. ඒත් එක්කම මගෙ හිතේ ඇති වුනෙ මහ ආත්මාර්ථකාමී අප්‍රසන්න සිතුවිල්ලක්.

මේ හැමදේම මගේ වෙනවනම්.....

මං මම ගැනම පසුතැවිලි වෙන්න ඕනේ.... එයාට ආදරේ කරපු පලියට එයාගෙ හැමදේම මගේ කරගන්න තරම් මම පහත් මනුස්සයෙක් වුනේ කොහොමද.....? මං ඉක්මනට එයාගෙන් ඇස් අහකට ගත්තේ ඒ අපිරිසිදු සිතුවිල්ලට මගේ හිතේ උඩු දුවන්න ඉඩ නොදෙමින්.

" ඔයාට අමුතු හැගීමක් දැනෙන්නෙ නැද්ද ජන්කුක්..... අද ඉදන් අලුත්ම අලුත් ජීවිතයක්.... තව ටික කාලෙකින් මටත් පුලුවන් අප්පා වගේම හොද ඩොක්ටර් කෙනෙක් වෙන්න....."

බලාපොරොත්තු සහගත ඇස්වලින් ඉස්සරහ ගොඩනැගිලි දිහා බලාගෙන ටේහ්‍යුන් කියවගෙන ගියා. ජීවිතේ තිබුනු ලොකුම හීනයක් මෙතන එන එක. තව අවුරුදු කීපෙකින් මට පුලුවන් මගෙ ඔම්මය් අප්පය් අවුරුදු ගානක් තිස්සෙ මාව උස්මහත් කරන්න වින්ද දුක් වලට විරාමයක් දෙන්න. මොන දේ වුනත් ඒ වගකීම මගෙ හිතේ මුල් ඇදලා තිබුනු නිසා මට ඉගෙනීමට මුල් තැන දෙන්න පුලුවන් වුනා. කිසිම හේතුවන් නිසා ඉගෙනීම කඩාකප්පල් කරගන්න එපා ජන්කුක්.... මම මටම නිතරම ඒක කියාගත්තේ මගේ වගකීම ආයෙ ආයෙ මතක් කරගනිමින්.

" අපෝ ජන්කුක්..... ඔයා නම් කවදා හැදෙය්ද මන්දා....."

මං දිහා ඇස් පුංචි කරලා බලන ගමන් ටේහ්‍යුන් කිව්වා. ඒ හුරතල් මූණ දකිද්දි මට හිනා ගියේ නිකන්මය්. මෙච්චර වෙලා එයා ඉවරයක් නැතුව කියවද්දි මං කලේ ඔහේ කල්පනා කරපු එක. ටේහ්‍යුන් මට නිතරම බනිනවා දවසකට වචන දහයක්වත් කතා කරන්නෑ කියලා. ඒත්... එයා එක්ක කතා කරනවට වඩා එයා කියන දේවල් අහගෙන ඉන්න එකෙනුය් එයා දිහා බලාගෙන ඉන්න එකෙනුය් මම සතුටු වුනා. ඕනවටත් වඩා....

Autumn Leaves...🍂 (Completed ✔️)Where stories live. Discover now