Chapter 12 🍂

472 148 110
                                    

Jungkook p.o.v.

පැය ගානක හොද නින්දක් ලැබුනු නිසා මම ඇහැරුනේ කලින් දැනුනු අපහසුතාවය අඩු වෙලා කියලා දැනෙද්දි. මම ඇහැරෙද්දි දැඅපු දෙය්න් අඩන්නද හිනාවෙන්නද ඕනෙ කියලා තීරනය කරන්න මටම අපහසු වුනා.

ටේහ්‍යුන් මගෙ ඇද ගාව වාඩි වෙලා නිදි කිරමින් ඉන්නවා.....

ඒකත් මගෙ එක අතක් එයාගෙ අතකින් අල්ලගෙන.....??

එක පාරටම මට හිතුනෙ මම ඒ දකින්නෙ හීනයක් කියලා. ඒත් ඒක හීනයක් නෙමෙය්. ඇත්තටම ටේහ්‍යුන් මම වෙනුවෙන් මෙච්චර වෙලා මෙතන ඉදලා තියෙනවා. මං ඉක්මනට බැලුවෙ කාමරේ එල්ලෙන බිත්ති ඔරලෝසුව දිහා. වෙලාව හවස 1 ත් පහුවෙලා. එතකොට මෙයා අද දවසම ලෙක්චර්ස් ඔක්කොමත් කට් කරන් මං ගාව ඉදලද....?

ඔයාගෙ හැම හැසිරීමක්ම මගෙ ජීවිතේට උත්තරයක් නැති ප්‍රශ්න වැලක් එකතු කරනවා ටේහ්‍යුන්....

මං කල්පනා කරමින්ම ටේහ්‍යුන්ගෙ මූනට එබුනෙ එයාව ඇහැරවන්නෙ නැතුවමය්. ලස්සනට පියවිලා තියෙන ඇස්... ගන ඇහි පිහාටු.... රෝස පාට තොල්.... ඇත්තටම මේ වගේ කෙනෙක්ට ආදරේ නොකර ඉන්න කෙනෙක්ට පුලුවන්ද....?? ඒත් මම ටේහ්‍යුන්ට ආදරේ කලේ එයා අනික් අය වගේ නැතුව වෙනස් විදියට මගෙ දිහා බලපු නිසා කියලා මම තේරුම් අරගෙන තිබුනේ. සමහරවිට ටේහ්‍යුන් නතුව වෙනත් කෙනෙක් මම ගැන ඒ විදියට හිතුවා නම් මම ඒ කෙනාට මේ විදියට ආදරේ කරාවිද කියලා මම කල්පනා කලා.

කවදාවත් නැහැ.... ඒ කෙනා මට අනුකම්පා කරනවා කියලා හිතමින් මම අනිවාරෙන් ඒ කෙනාව මග හරීවී... ඒත් ටේහ්‍යුන්.... එයා මාව පෙළඹෙව්වා... එයාගෙ පෙනුම... හැසිරීම.... සිතුවිලි... මේ හැමදේම මාව එයාටම ආදරේ කරන්න පෙළඹෙව්වා...

ටේහ්‍යුන්ගෙ මූන දිහා මම බලාගෙන හිටියෙ සිතුවිලි ගොඩක අතරමං වෙමින්. එයාගෙ කම්මුල් දිගේ තිබුනු වේලෙනු කදුලු පාරක් මම දැක්කෙ එතකොට. ඒත් කොහොමද ටේහ්‍යුන්ග් මූනෙ මේ වෙලාවෙ වේලුනු කදුලු පාරක් තියෙන්නේ....?? බැරි වෙලාවත්....

එයා මං වෙනුවෙන් අඩලාවත් ද.....??

ඒක විශ්වාස කරන්න හුගක් අමාරු දෙයක් වගෙය් මට දැනුනෙ. සමහරවිට මම හිතනවා ඕනාවට වඩා වැඩි ඇති. මං වෙනුවෙන් අඩන්න ටේහ්‍යුන්ට කිසිම වෙලාවක හේතුවක් ඇත්තේ නෑ... අරත් එයා මං ගැන ඒ තරම් වදවෙන්නෙත් නැහැ... මම මාවම රවට්ටගන්න ගත්තා.

Autumn Leaves...🍂 (Completed ✔️)Where stories live. Discover now