Chapter 09 🍂

493 145 47
                                    

Jungkook p.o.v.

දවසින් දවස සතියෙන් සතිය ගෙවිලා ගියේ අපිව වැඩ ගොඩක් අතරෙ හිර කරමින්. ටේහ්‍යුන් ටෙනිස් ප්ලේ කරන්න ආසාවෙන් හිටපු නිසා එයා යුනිවසිටි ටෙනිස් ටීම් එකට එකතු වුනා. එයා ඒ වගේ දේවල් කලේ හුගක් ආසාවෙන්. මහන්සි වුනත් දාඩිය දාගෙන සෙල්ලම් කරන එකෙන් එයා හුගක් සතුටු වුනා.

හැමදාම ලෙක්චර්ස් ඉවර වෙලා ටේහ්‍යුන් ටෙනිස් ප්‍රැක්ටිස් ගිහින් ඉවර වෙනකම්ම මම බලාගෙන ඉන්නවා. ටේහ්‍යුන් මහන්සි වෙලා ප්‍රැක්ටිස් කලත් ඒ හැම වෙලාවකම ලස්සන හිනාවක් ඒ මූනෙ තිබුනා. මං ඒ දිහා බලාගෙන හිටියෙ ආසාවෙන්. ටේහ්‍යුන් එයා ගැන ඕනවට වඩා කරදර වෙන්න එපා කිව්වත් මං එයා දිහා හැම තප්පරේම ඇහැ ගහගෙනම හිටියා. හේතුව එයාව නිතරම සතුටින් තියන්න ඕනෙ කියන සිතිවිල්ල. ඒත් ටේහ්‍යුන් හිතුවෙ මට ඉන්න එකම යාලුවා එයා නිසා මම මේ දේවල් කරනවා කියලය්. ඒත් ටේහ්‍යුන් මට ඒ විදියට ඉන්න ඉඩ දුන්නා. මම මේ විදියට හැසිරෙන ඇත්තම දැනගෙන හිටියෙ මගෙ හිතම විතරය්.

මේ විදියට වද වෙන්න මට එයා ඇර කවුද ඉන්නේ.....???

ඉතින් මං එයා ගැන වද වුනා. නිතරම වද වුනා.

ටේහ්‍යුන් ටෙනිස් වලින් හුගක් ඉස්සරහට ගියා. එයා නිතරම තරගවලට ගියා. එයා ඒ හැම එකකින්ම වගේ දිනුවා. මං ඒ හැම තරගයක්ම බලන්න ගියා. හැමදාම ටේහ්‍යුන් ප්ලේ කරන්න පටන් ගන්නෙ මං දිහා එක පාරක් බලලා. එයාට වැරදෙන හැම පාරකම එයා එක එල්ලෙම බැලුවෙ මගෙ ඇස් දිහා. වචනයක්වත් නොකියා ඉදගෙන හිටියත් ඇස්වලින් මගෙ සිතුවිලි තේරුම් ගන්නව වගේ එයා හැම පාරම ඔලුව වනලා හිනා වුනා. ඒ වගේම ඊලග වතාවෙ එයා සාර්ථක වුනා. තරගයක් දින්නම ටේහ්‍යුන් පුංචි එකෙක් වගේ උඩ පැන පැන මං ගාවට ඇවිත් මාව හය්යෙන් බදාගන්නවා. එයා ඒ වෙලාවට ඉන්නෙ කියාගන්න බැරි සතුටකින්. ඒ හැමදේම දිහා බලාගෙන ඉදිද්දි මගෙ හිතට දැනෙන්නෙ වෙන කිසිම විදියකින් ලබාගන්න බැරි අසීමාන්තික සතුටක්. අහිංසක ආදරණීය සතුටක්.....

" මං විනාඩි දහයෙන් චේන්ජ් කරන් එන්නම්....."

ස්කූල් බෑග් එක මගෙ පැත්තට විසි කරපු ටේහ්‍යුන් ඉක්මනට දිව්වේ චේන්ජින් රූම් එක පැත්තට. මම මෙච්චර වෙලා කල්පනා කර කර බලාගෙන හිටියේ එයා ප්‍රැක්ටිස් කරන දිහා. මට හිතාගන්න බෑ මම එපා නොවී එඅදෙයක් දිහා ඒ තරම් වෙලා බලාගෙන ඉන්නෙ කොහොමද කියලවත්.... එයා ඒ තරම් ඇබ්බැහි වෙන සුලුය්.... මට පුලුවන් දවසක් වුනත් ටේහ්‍යුන් දිහා බලාගෙන ඉන්න. හැමවෙලේම සැහැල්ලුවෙන් හින වෙලා ඉන්න එක.... පුංචි ළමයෙක් වගේ හැසිරෙන එක..... තවත් වෙලාවකට හොදටම පිස්සු හැදුනු කෙනෙක් වගේ ඉන්න එක..... මේ හැම දේකටම මම හුගක් ආදරේ කලා.... ඒ හැමදේටම මං ආසා වුනා.... අපි දෙන්න එකට ඉන්න එකෙන් වුනේ දවසින් දවස මම ඒ දේවල්වලට ඇබ්බැහි වුනු එක විතරය්.

Autumn Leaves...🍂 (Completed ✔️)Where stories live. Discover now