Chapter 23 🍂

548 153 93
                                    

හැමදේකින්ම ටිකෙන් ටික ඈත් වීම ජන්කුක්ට ගෙනාවෙ විශාල සැනසීමක්. පහුගිය මාසයක කාලය පුරාවටම ජන්කුක් ටේහ්‍යුන්ව මගාරින්න මොන දේ කලත් ඒ හැමදෙයක්ම එයාව ආයෙම වතාවක් පාරවන්න හේතු වුනා. ටේහ්‍යුන් විඳවන තරමටම ඒ දිහා බලන් ජන්කුක් විදවන්න ගත්තා. ඒත් එයාට ආපහු තමන් ඉස්සරහට තියපු අඩිය පස්සට ගන්න උවමනාවක් තිබුණෙ නැහැ. මොන තරම් වේදනා දුන්නත් හැමදේම ටිකෙන් ටික අමතක කරලා ඒ දේවල්වලින් ඈත් වෙන්න තමන්ට පුලුවන් වෙය් කියලා විශ්වාසයක් ජන්කුක්ට තිබුනා.

සති දෙකක විවේකය ජන්කුක්ව තරමක් සන්සුන් කරන්න සමත් වුනා. එයාට දැනුනා තමන් ආත්මාර්ථකාමි වෙලා තියෙන වග. ඉස්සර ජන්කුක් නිතරම හිතුවෙ ටේහ්‍යුන් ගැන. ටේහ්‍යුන් වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ඉදිරිපත් වෙන්න එයා සූදානමින් හිටියා. ඒත් දැන් ජන්කුක් කලේ හැමදෙයක්ම දිහා ඈතට වෙලා වේදනාවෙන් බලාගෙන ඉන්න එක විතරය්. ටේහ්‍යුන් කොය්තරම් ඇඬුවත් එයා එතනට ගිහින් ටේහ්‍යුන්ව සනසවන්න උත්සාහා කලේ නැහැ. ටේහ්‍යුන් කොය් තරම් වේදනාවෙන් හිටියත් ජන්කුක් එයාගෙ මූණට සතුටක් ගේන්න උත්සාහා කලේ නැහැ.

ජන්කුක් හැමදේකින්ම ටිකෙන් ටික ඈත් වෙමින් හිටියා.... එයාට අවශ්‍ය වුනේ සැනසීම විතරය්...

ටේහ්‍යුන්ට දුර ඉදන් ආදරය කිරීමෙන් ඒ සැනසීම ලැබෙන බව ජන්කුක් තේරුම් ගත්තා....

ටේහ්‍යුන් ගැන තමන්ගෙ හිතේ තියෙන ආදරය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න එයාට බැරි වුනා. ජන්කුක් අදටත් ටේහ්‍යුන් හුගක් ආදරෙය්... ඉස්සර වගේම... නැහැ ඊටත් වඩා.... ඒත් ජන්කුක් දැන් තමන්ට අය්ති තැන හදුනගෙන ඉවරය්... ටේහ්‍යුන්ට ලං වෙන්න උත්සාහා කිරීමෙන් කාටවත් යහපත් නොවෙන බව එයා තේරුම් ගනිද්දි හැමදේම නරක අතට හැරිලා ඉවරය්...

ජන්කුක්ට අවශ්‍ය වුනා එයාගෙය් ටේහ්‍යුන්ගෙය් හැම මතකයක්ම විනාශ කරලා දාන්න. එයාට ඒ කිසි දෙයක් මතක තියාගන්න ඕනෙ වුනේ නැහැ. ඒ හැම මතකයක්ම එයාගෙ හිතට ගෙනාවෙ තමන් ගැනෙම දැනෙන අනුකම්පාවක් සහ වේදනාවක් විතරය්...

ජන්කුක්ට හැමදාටම මතක තියාගන්න අවශ්‍ය වුනේ එයා ටේහ්‍යුන් කියන සුන්දර මනුස්සයට හුගක් ආදරේ කල බව විතරය්....

Autumn Leaves...🍂 (Completed ✔️)Where stories live. Discover now