Chapter 14 🍂

528 154 111
                                    

Jungkook p.o.v.

ඊලග දවස් කීපයම ගෙවුනේ මගේ හිත වේදනාවෙන් පුරවන විදියට වුනත් ඒ හැමදේම ටේහ්‍යුන්ව හුගක් සතුටු කරවන දේවල් වුනා. මේ දවස් කීපය ඇතුලත ටේහ්‍යුන්, යෙඔන්ජුන් කලින්ටත් වඩා ලං වුනා. මුලදි ටේහ්‍යුන්ගෙ තිබුනු ව්‍යාකූල ගතියත් ටිකෙන් ටික අඩු වුනේ ආපහු හය් ස්කූල් එකේ හිටපු පරන ටේහ්‍යුන්ම මතු වෙද්දි. මේ හැමදෙයක්ම දිහා මම ඔහේ බලාගෙන හිටියා. කිසිම උත්සාහයක්වත් දරන්නේ නැතුව... මට උරුම පරාජය භාරගෙන මම ඔහේ බලාගෙන හිටියා.

ඒ හැමදේම ටේහ්‍යුන්ගෙ සතුට වෙනුවෙන්....

දවසින් දවස ටේහ්‍යුන්ගෙ මූනට එලිය වැටෙන හැටි මම බලාගෙන හිටියෙ ආසාවෙන්. එයා හැම දවසකදිම කලින්ටත් වඩා සතුටින් ඉන්න බව පෙවුනා. ටේහ්‍යුන් තව තවත් යෙඔන්ජුන්ට ලං වෙන එකෙනුය් මගෙන් ඈතට යන එකෙනුය් මට වේදනාවක් දැනුනත් මම ඒ ගැන තවත් හිතන්න පෙළඹෙන්නෙ නැති තරමට ඒ වේදනාව මට පුරුදු වෙලා තිබුනා. හැමදාම උදේට හම්බවෙන ඒ ඇස්වල පුදුමාකාර දීප්තියක් හැංගිලා තිබුනා. ඒ කම්මුල්... ඒ තොල්.... වෙනදටත් වඩා ලස්සනට තිබුනෙ එයාගෙ හදවත සතුටින් නිසාම වෙන්නැති. නිතරම වගේ එයාගෙ මූනෙ හිත් ඇදගන්නා සුලු හිනාවක් තිබුනත් මේ ගෙවුණු දවස් ඇතුලත ඒ හිනාව තවත් ආකර්ශනීය වෙලා තිබුනා.

මම තේරුම්ගත්තා මේ හැම හිනාවකටම... මේ හැම සතුටකටම මට අය්තියක් නැහැ කියලා. ටේහ්‍යුන්ට කොච්චර ආදරේ කලත් මම එයාගෙ සතුට නෙමෙය් නම් එයා සතුටු වෙන දේ ලබාගන්න උදව් කරන එක තමය් මට කරන්න පුලුවන් හොදම දේ.... මගේ සතුට වෙනුවෙන් එයා සතුටු වෙන කෙනාව එයාගෙ ජීවිතෙන් ඈත් කරන්න මට ඕනෙ වුනේ නැහැ.

උදේ ඉදන් හවස් වෙනකම්ම ටේහ්‍යුන්ගෙ කටේ තිබුනෙ යෙඔන්ජුන් ගැන විතරමය්. කිසිම රහසක් තියාගන්නෙ නැතුව යෙඔන්ජුනුය් එයය් අතර වෙන හැම දෙයක්ම ටේහ්‍යුන් මාත් එක්ක බෙදාගත්තා. හොදම යාළුවෝ අතරේ මේ දේවල් සාමාන්‍ය වුනත් මට ඒ වචන දරාගන්න හුගක් අමාරු වුනා. හැම දවසකම මම ටේහ්‍යුන් කියන හැමදේම හිනා වෙලා අහගෙන ඉදලා රෑට තනියම අඩන්න පුරුදු වුනා. කොච්චර යෙඔන්ජුන්ට ලං වුනත් ටේහ්‍යුන් මාව තාමත් හොදම යාලුවා හැටියට ලගින්ම තියාගත්තා. ටේහ්‍යුන්ගෙ කටේ නිතරම තිබුනේ...

Autumn Leaves...🍂 (Completed ✔️)Where stories live. Discover now