Chapter 15 🍂

438 141 88
                                    

Jungkook p.o.v.

අන්තිමේ ඒ දවස උදා වුන. මෙච්චර දවසක් නොඒවා කියලා ප්‍රාර්ථනා කරපු දවස උදා වුනා. උදෙන්ම ඇහැරුනත් මං තුල  කිසිම ප්‍රබෝධමත් බවක්වත් උද්‍යෝගිමත් බවක්වත් තිබුනෙ නැහැ. මම උදාසීන විදියට ලෑස්ති වුනේ ලෙක්චර්ස් වලට යන්න. ඒත් ඊට පස්සෙ සිද්ධ වෙන්න යන දේ මතක් වෙද්දි මට මාවම මරාගන්න හිතුනු වාර අනන්තය්. ඒත්.... මම පුලුවන් තරම් උත්සාහා කලා ශක්තිමත්ව ඉන්න. ඔව්.... මට ඒක එච්චර අමාරු දෙයක් නෙමෙය්....

සුපුරුදු පරිදි මම අදත් උදෙන්ම ගියේ පිට්ටනිය කෙලවරේ තිබුනු ගහ ගාවට... මම බාගෙට වියලිලා තිබුනු මේපල් ගහ දිහා අනුකම්පා සහගතව බලාගෙන හිටියා.

තව ටික දවසක් යද්දි මේ ඉතුරු වෙලා තියෙන කොල ටිකත් හැලිලා යාවි....

ලොකු හුස්මක් පල්ලෙහාට හෙලන ගමන් මම කල්පනා කලා. මොන දේ වුනත් හැමදේම සිද්ද වෙන්නෙ වෙන්න තියෙන හොදම විදියටය් කියලා මම නිතරම මටම ඒත්තු ගන්වගන්න ගත්තා. හැමදේම සිද්ද වෙන්නෙ හොදටය් කියලා හිතලා හිත හදාගන්න මට ඕනෙ වුනා. ඒත් ඒ හැමදේකින්ම වුනේ මම මාවම රවට්ටගන්න උත්සාහා කරපු එක විතරය්....

හැමදේකින්ම මට සිද්ද වුනේ නරකක් මිස හොදක් නෙමෙය්....

ඒත් ඒ හැමදේකම වැරැද්දත් පැවරෙන්නෙත් මටමය් කියලා මම තේරුම් ගත්තා. මට කාටවත් බනින්න පුලුවන් කමක් නැහැ. ටේහ්‍යුන්ටවත් යෙඔන්ජුන්ටවත් බනින්න මට අය්තියක් නැහැ. හැමදේකටම හේතුව මමම විතරය්....

" මොකද මෙතනට වෙලා කරන්නේ....? යන්නැද්ද ලෙක්චර් හෝල් එකට...."

මට එහා පැත්තෙන් මම මේ ලෝකේ වැඩිපුරම අහන්න ආස... මම මේ ලෝකේ වැඩිපුරම ආදරය කරන කටහඩ ඇහෙද්දි මම එයා දිහා බලලා ආදරෙන් හිනා වුනා. අද තමය් අන්තිම දවස.... ඉතින් මට ඕනෙ වුනා අද දවසවත් ආදරනීය විදියට ගත කරන්න....

" පරක්කු වෙනවා.... එන්න..... "

මටත් ලස්සන හිනාවකින් සංග්‍රහ කරපු ටේහ්‍යුන් ලෙක්චර් හෝල් එක දිහාවට ඇවිදින්න පටන් ගත්තා. තවත් විනාඩි කීපයක් එතනම ඉදගෙන මම ටේහ්‍යුන් යන දිහා ආදරෙන් බලාගෙන හිටියා.

Autumn Leaves...🍂 (Completed ✔️)Where stories live. Discover now