Chapter 11 🍂

462 147 65
                                    

Jungkook p.o.v.

හැමදේම අමතක කරලා දවස අලුතෙන් පටන් ගන්න පුලුවන්.වෙය් කියලා හිතුවත් මට ඒක කරන්න හුගක් අමාරු වුනා. ටේහ්‍යුන්ගෙ වචන නිතරම මගෙ ඔලුවෙ දෝංකාර දෙන්න ගත්තෙ මට මගේම පාලනයත් නැති කරමින්. ඊයෙ රෑ පුරාම අඩපු නිසාත් හුගක්.වෙලා එළියෙ සීතලේ හිටපු නිසාත් මට දරාගන්න බැරි ඔලුවෙ කැක්කුමක් ඇවිත් තිබුනා.

" අද නම් ලෙක්චර්ස්වලට යන්න බෑ වගේ....."

ඇදේ එහාට මෙහාට පෙරළෙමින් මම කියාගත්තේ මුලු ඇගටම දැනුනු අපහසුවක් නිසා. ඇගේ අමාරුවටත් ටේහ්‍යුන් මගෙ හිතය් මනසය් හුගක් ලෙඩ කරලා තිබුනා.

" ටේහ්‍යුන් ඒ කිව්ව දේවල්වලින් ඈත් වෙන්නනම් මට හුග කාලයක් යාවි.... "

මං මටම කියාගත්තේ හිතට දැනෙන මහ අසරන හැඟීමත් එක්ක. ඇය් මම මේ තරම් වේදනා විදින්නේ කියලා මම මගෙන්ම ප්‍රශ්න කලා. මං ටේහ්‍යුන්ට මොන තරම් ආදරේ කලත් එයාගෙන් මට ලැබෙන්නෙ වේදනාවක්ම විතරය්. මොන තරම් දුක් වෙන්න වුනත් මට එයාට ආදරේ කරන එක නවත්තගන්න බැරි වුනා. කවදහරි ටේහ්‍යුන් වෙන කෙනෙක් එක්ක එකතු වෙනකම්ම මේ විදියට එයාගෙ ළඟින් ඉන්න මට ඕනෙ වුනා.

වෙලාවකට මට හිතෙනවා මට පිස්සුද කියලත්.... ඇය් මම මේ විදියට හැසිරෙන්නෙ කියන එක මටම ප්‍රශ්නයක්.... මට මොන තරම් රිද්දුවත් මම ආයෙ ආයෙත් එයා ගාවටම ඇදෙන්න ගත්තා. ආදරය කියන්නේ කොහොමත් මහ පිස්සු හැගීමක්.....

මගෙ කල්පනාව මොහොතකට නතර වුනේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තු නිසා. ස්ක්‍රීන් එකේ ඩිස්ප්ලේ වෙන නම දිහා බලපු මට ලොකු හුස්මක් පිටවුනේ නිකන්මය්.

ටේහ්‍යුන්.....

එයා මේ විදියට මගෙ ළඟින් ඉන්න එක මාව තවත් අවුල් කරන දෙයක් වුනා. මං ගැන නිතරම හොයලා බලන එක... මාත් එක්කම ඉන්න එක.... මට ටේහ්‍යුන් වෙනුවෙන් මේ විදියට හැසිරෙන්න හේතුවක් තිබුනත් ඇය් එයා මං වෙනුවෙන් මේ විදියට හැසිරෙන්නෙ....??

මං එයාගෙ හොදම යාලුවනේ.....

ඒත් එයාගෙ හැසිරීම් මගෙ හිත අවුල් කලා. මං දැනගෙන හිටිය විදියට යාලුවො හැසිරෙන්නෙ එහෙම නෙමෙය්. සමහරවිට මම වැරදි ඇති. ඒත් ටේහ්‍යුන්ගෙ හැසිරීම් වෙලාවකට මට දැනුනෙ මගෙ හැගීම් එක්ක සෙල්ලම් කරනවා වගේ.

Autumn Leaves...🍂 (Completed ✔️)Where stories live. Discover now