Chapter 13 🍂

474 146 119
                                    

Jungkook p.o.v.

" යෙඔන්ජුන්ගෙය් යුමීගෙය් අෆෙයා එක බ්‍රේකප් වෙලා..... "

මගෙ හිතේ තිබුනු සතුට එක තප්පරෙන් විනාශ වෙලා ගියේ ටේහ්‍යුන්ගෙ වචන නිසා. බ්‍රේකප් වෙලා.....??? ඒ.... ඒ කියන්නේ ටේහ්‍යුන්ට දැන් යෙඔන්ජුන්ට ලං වෙන්න පුලුවන් වෙය්. හිත ඇතුලෙ හිතාගන්න බැරි විදියෙ වේදනාවක් තෙරපෙද්දි මම ටේහ්‍යුන් දිහා බලලා හිනා වුනා. මම එයා ගැන සතුටු වෙනවා කියලා පෙන්නන්න මට ඕනෙ වුනා. ඒ වගේම මට එක දෙයක් තේරුනා.

අවසානෙදි අවස්තාවක් ලැබෙය් කියලා හිතුවත් මේ කතාවෙ තියෙන්නේ එක අවස්තාවක් විතරය් කියලා මට තේරුනා....

ඒ අවස්ථාවත් මම ටේහ්‍යුන් වෙනුවෙන්ම කැප කලා.....

මම ආපහු වතාවක් ටේහ්‍යුන් දිහා බලලා හිනා වුනා. ඒ හිනාව නිකන් වියරුවක් වගේ. වේදනාව දරාගන්න බැරුව මගෙන් පිටවුනු හිනාවක්. ඒත් ටේහ්‍යුන්ට ඒ හිනාව ඇතුලෙ තියෙන දේවල් තේරුම්ගන්න බැරි වුනා.

" යා..... ජන්කුක්..... මමවත් ඔච්චර සතුටු වුනේ නෑ.... මොනව වුනත් ඔහොම හිතන එක වැරදිය්.... "

ටේහ්‍යුන් බිම බලාගෙන කිව්වේ මගෙ අතටත් පාරක් ගහමින්. කෙනෙක්ගෙ ආදරයක් නැතිවෙන එක ගැන සතුටු වෙනවා කියන්නෙ කොය් තරම් පහත් ක්‍රියාවක්ද....?? තමන්ට ඒකෙන් හොදක් සිද්ද වුනත් ටේහ්‍යුන් ඒ තරම් පහත් තත්වෙකට නොවැටුණු එක ගැන මට ඇත්තටම සතුටු හිතුනා. ඒත් එයාට මේ වතාවෙ විතරක් මාව තේරුම් ගන්න බැරි වුනා.

මේ ගෙවෙන්නෙ ටේහ්‍යුන් එක්ක ගෙවන්න පුලුවන් අන්තිම දවස් ටික කියලා මම මටම කියාගත්තා. ටේහ්‍යුන් යෙඔන්ජුන් එක්ක බැරි වෙලාවත් අෆෙයා එකක් පටන් ගත්තොත්..... මම ටේහ්‍යුන්ගෙන් ඈත් වේවි.... සදහටම.... ටේහ්‍යුන්ව මට නැතිවෙන්න ලගය් කියලා මගෙ හදවත ආයෙ ආයෙත් කෑ ගහලා කියද්දි මට හුස්ම ගන්න පවා අමාරුය් වගේ දැනුනා.

ආදරය ඇත්තටම වේදනාකාරිය්.... මම දැන් ඒ හැගීමටත් වෛර කරනවා....

මම ටේහ්‍යුන්ට ආදරේ නොකළා නම් මගෙ ජීවිතේ මීට වඩා සිය ගුණයකින් වෙනස් වෙන්න තිබුනා. පලවෙනි වතාවට මේ විදින වේදනාවට වඩා ඒ ජීවිතය ගෙවන්න තිබුනා නම් කියලා මට හිතුනා. ඒත් මම දැන් පරක්කු වැඩිය්.... ආපහු හැරෙන්න බැරි තරමටම මම මේ පාරෙ දුර ඇවිත් ඉවරය්....

Autumn Leaves...🍂 (Completed ✔️)Where stories live. Discover now