අපොයි අදත් අපි ඉවරයි.. ශෑ... මං හිතුවේ පරක්කු වෙද්දි ඇවිත් නැතුවැති කියලා. ඉහි ඉහි.. දැන් ඉතින් කාපනකෝ..
අනේ බන් මං වැඩ ටික කරෙත් නෑ.. හයියෝ ඊයේ කාපුවා තමා රිදෙනවා.. මොකද කරන්නෙ.. ඇයි මේ එන්නෑ කියලත් ඇවිත්..😕
ඇයි බන් එයාට බැරි අපිට ආදරෙන් කතා කරන්න ආදරෙන් ඔය දේවල් කියලා දෙන්න හ්ම්ම්.. එහෙම උනානම් අපිත් හොදට ඉගෙන ගනි නැද්ද මං කියන්නෙ..
ඈතින් එන ඉංග්‍රීසි ගුරුවරයට බයේ පන්තියට දුවන් හිටපු තම මිතුරන් දෙදෙනෙකුගෙ සංවාදය අහන් ඉදපු ජිමින් පංතියට එමින් ඉදපු ගුරුවරයා දිහාට යොමු කරේ සමච්චල් සහගත හිනාවක්..
ගුරුවරයා පංතියෙන් ඇතුලට එනවත් එක්කම මුලු හෝල් එකම ඉදිකටුවක් වැටෙන සද්දය පවා ඇහෙන විදිහට නිශ්ශබ්ද උනේ ආපු කෙනාගෙ දරුනු කම කියාපන්න වගේ..
පංතිය වටේම ඇස් යවපු ගුරුවරයගෙ ඇස් තප්පර පහක විතර කාලයක් එක තැනක නතර උනා... ඒ දිහා බලන්ම ලොකු හුස්මක් පහලට දැම්ම ගුරුවරයා තමන්ගේ ගුරු අත්පොත දිහාට එයාගෙ ඇස් නැඹුරු කරා..
හීනි දිග වේවැල් කෝටුව අතට ගත්ත ගුරුවරයා පිටිපස්සෙ පෝලිමට එද්දි හැමොම තමන්ගේ පොත් දිග ඇර ගත්තේ කරන්න ඕනි දේ දන්න නිසා..
පිටිපස්සෙම පෝලිමේ ඉස්සල්ලම ඉදපු ගෑනු ලමයගෙ අතට වේවැලෙන් වැදුන පහර මුලු පංතිය පුරාම තිබුණ නිශ්ශබ්ද තාවය බිදලා දාන්න සමත් උනා..
පිලිවෙලට දෙවනි පොතකත් නැඹුරු උන ගුරුවරයා එතන හිටපු ලමයට හිනාවකින් සංග්‍රහා කරලා ඔලුව අත ගෑවා.
පිටිපස්සෙ පෝලිමෙ පොත් බලාගෙන පිලිවෙන් එන ගුරුවරයා දිහා සමහරු බලන් හිටියේ කදුලු පිරුණ දෑස් වලින්..
මේ වෙනකොටත් තමන් අදිමින් හිටපු චිත්‍රයට තව දුරත් අවධානය දෙමින් ඉදපු ජිමින් යන්තන් ගැස්සීමක් එක්ක හරි සිහියට ආවේ තමන්ගේ ඉංග්‍රීසි ගුරුවරයගෙ ගැඹුරු කටහඩ තමන්ගේ කණ ලගින් ඇහුන නිසා..
ජිමින්ගෙ ඇසුත් ගුරුවරයාගෙ ඇසුත් එකට යාවෙද්දී ගුරුවරයගෙ ඇස් දිලිසෙන්න ගත්තේ ජිමින්ගේ මූණට ආපහු වතාවක් සමච්චල් සහගත හිනාවක් එද්දී..
YOU ARE READING
My eviL prIce.✅.🎠♨️🌈️(Complete ) JJK PJM
Short Storyjikook My first jikook fanfiction..🙂👍❤️ Covered by me..😌🗡️