5🌍🌻🖼️

665 157 37
                                    

යාහ් පාර්ක් ජිමින් තමුසේ මොකක් හරි නොසන්ඩාල වැඩක් කරන්න ඇති.. නැත්තන් මොකටද ඒ මනුස්සයා මෙහේ එන්න හදන්නෙ ආහ්.. කියනවා මොකද්ද කලේ.. තමුසෙ පේපර් එකක්වත් හොරකම් කරාද..

අනේ දෙයියන්ගේ නාමෙට පින්සිද්ද වෙයි හ්‍යුන් පුලුවන්නම් ඔය කට පොඩ්ඩක් වහන් ඉන්නවද.. මං වැරැද්දක් කරානම් එයාල ඔයාට ඉස්කොලෙ එන්න නොකියා ගෙදරට එයිද මෝඩ කතා කියන්න එපා..

ඔව් ඔව් මං මෝඩයා තමයි.. බලමුකො මහ ලොකු බුද්දිමතා සර් කෙනෙක් ගෙදරට එන්න තරම් කරලා තියන බුද්දිමත් වැඩේ කියලා..

ඒත් එක්කම බෙල් එක රිං වෙද්දී ජිමින් පණ එපා කියලා උඩට දිවුවා.. ජින් ටික වෙලාවක් මේ දිහා කන්ෆියුස් වෙලා බලන් ඉදලා ඔලුවත් හොලව හොලවම ගිහින් දොර ඇරියා..

මිස්ටර් ජින්..

ඔව් එතකොට ඔයා.. මං ජන්කුක් ජිමින්ගේ_

ඔහ් ඉංග්‍රීසි සර්.. එන්න සර් ඇතුලට..

ඔහ් තැන්ක් යූ මිස්ටර් ජින්.. ජන්කුක් කකුල් ගස ගසා කියද්දි ජින් ජන්කුක්ට ආචාර කරලා ගෙට එන්න දොර සම්පුර්නයෙන් ඇරියා..

ජිමින් නම් දැන් මෙතන හිටියා.. බෙල් එක වැදුනා විතරයි___

හ්‍යුන්.. ජින්ට ඉතුරු ටික කියන්න නොදි ජිමින් මහා හයියෙන් කෑගැහුවේ ජන්කුක් වගෙම ජිනුත් ගැස්සීමක් එක්ක පඩිපෙල දිහා බලද්දී..

ඔහ් ඔය එන්නෙ කියන කොටම.. කොහෙද පොඩි එකෝ දිවුවේ..

අහ් මං මේ වොශ් රූම් එකට ගියා හ්‍යොන්.

ඔහ් සර් එනවා කියලා දැන ගත්ත ගමන් වොශ් රූම් එකට රිංග ගන්න තරම් මොනාද දන්නෑ කරේ.. යහ් තමුසෙ දැන ගන්නවා පාර්ක් ජිමින් වැරැද්දක් කරලා තිබුණොත් මං තමුසෙව ඉහේ ඉදන් පට්ට ගහනවා..

මේ වචනත් එක්ක ජිමින්ට කෙසේ වෙතත් ජන්කුක්ට නම් ඉඹේම තඩි කෙල ගුලියක් ගිලුණා..

මං මොකුත් කලේ නෑ දෙයියනේ.. කරන්න තියන හැමදේම කලේ මෙයා.. ජිමින් සාර්ථක විදිහට ජන්කුක්ව ඒ දේට අහු කරලා දෙද්දී ජන්කුක්ට හීන දාඩිය දැම්මා.. මොහොතකට ඔහුට අමතක උනා තමන් පාසලක් බය කරගත්ත ගුරුවරයෙක් බව..

My eviL prIce.✅.🎠♨️🌈️(Complete ) JJK PJMWhere stories live. Discover now