End..📷👑🌎

614 144 50
                                    

අද ජන්කුක්ගෙයි ජිමින්ගෙයි එන්ගේජ්මන්ට් එක.. ටේමින්ගේ සිද්දිය ගෙදර ඇවිත් කියලා අදට සති දෙකයි.. කුක්කා කෝම හරි ජින්ව කැමති කරගෙන එන්ගේජ්මන්ට් එක කරගත්තේ එතකොට එයාගෙ බබා එයාගෙම විතරයි කියලා ලෝකෙටම කියන්න පුලුවන් නිසා..

ජිමින් නම් මේ දවස් ටිකේම හිටියේ හෙන සතුටින්.. මොකද ඉතින් ජන්කුක් ටේමින් ගැන කිවුව දවසේ ඉදන් ජිමින්ව ගන්න කැම්පස් එක ලගටත් ආවා ජිමිනව දාන්නත් ගියා.. ජිමින්ගේ පස්සෙ නැට්ට වගෙ කැරකුනා.. පුලුවන් නම් ජන්කුක් ජිමින්ගේ කැම්පස් එක ඇතුලටත් යනවා.. තත්වේ කියල එක නොම්බරේ එක විදිහට සලකපු ජන්කුක් තමන්ගේ තත්වේ බල්ලට දාලා ජිමින්ගේ පස්සෙ ඉදිකට්ට පස්සෙ ගන නූල වගේ යන්න ගත්තා..

එන්ගේජ්මන්ට් එක ඉවර වෙලා තිබුන පොඩි පාර්ටියට සහභාගි උනේ තිහකටත් අඩු පිරිසක් වගේ.. ලගම හිතවතුන්ට එන්ගේජ්මන්ට් එකට එන්න කියලා තිබුණේ වෙඩින් එක හැමෝටම කියන්න හිතාගෙන.. කොහොමින් කොහොම හරි හවස් වෙනකොට හැම කෙනෙක්ම පිටවෙලා ගියේ ජන්කුක්ගේ පවුලේ අයයි ජිමින්ගේ පවුලේ අයයි විතරක් ගෙදර ඉතුරු වෙද්දී..

ජින් සැරින් සැරේ හොරෙන්ම අඩලා ඇවිත් ජිමින්ට හෝ ගලා නැති අඩුපාඩු වලටත් එක්ක බනිනවා.. පොරට දැන් හොදටම වෙරි.. ඒ හින්දම ඉතින් ජන්කුක්ට පැය ගානක් ජින්ගේ දේශනාව අහන් ඉන්න උනා.. ජන්කුකත් ඒක අහන් හිටියේ ධර්මය අවබෝද කරගන්න ලෑස්ති වෙනවා වගේ..

ජන්කුකා මේ අහපන්.. ජිමින්ව මන් උබට දුන්නට තාමත් ජිමින් මගේ.. එයා මගේ මල්ලි..

කවුද... මල්ලි..

උබට බෑ ඒ කොල්ලගෙයි මගෙයි අතර තියන බැදීම කඩන්න.. උබට වඩා ජිමින්ව අයිති මට.. ඒ මගේ ලේ.. මං පුංචි කාලෙ ඉදන් මලක් වගේ හදපු කොල්ලා.. උබ මගේ මල්ලිගෙ ඇහෙන් එක කදුලක් හරි වට්ටලා තිබ්බොත් උබව මරලා මන් හිරේ යනවා.. මන් උබවා කෑලි කෑලි වලට කපලා කනවා.. තේරුනාද..

ජින් කියන හැම එකටම ඔලුව වනපු ජන්කුක් ප්‍රර්ථානා කරේ එක දෙයයි..

අනේ මූට ඉක්මනට නින්ද යන්න..☹️

.

.

My eviL prIce.✅.🎠♨️🌈️(Complete ) JJK PJMWhere stories live. Discover now