4🍳🎑️🎯

655 160 46
                                    

ඔම්මා...

ඔම්මා.. ඔම්මා.. ඔම්මා.. ජිමින්ගෙ අතින් ඇදන් ගෙට ගියපු ජන්කුක් කෑහගන්න ගද්දී ජිමින් තමන්ගේ එක කණක් උරහිසට තද කරන් නිදහස් අතින් අනිත් කණ වහගත්තා..

අශ්.. මොනව වදයක්ද යකෝ මේ.. මොකද මැරෙන්න හදන්නේ.. ජන්කුක්ගේ ඔම්මා හැන්දකුත් අතේ තියන් සාලෙට එන ගමන් අහද්දී ජන්කුක් තමන්ගේ කියුට් හිනාවෙන් ඇයට සංග්‍රහා කරා..

ජිමින්ව දකිනවත් එක්කම ජන්කුක්ගේ මවගේ මූණ ලස්සන හිනාවකින් පිරිලා ගියා..

අනේ පුංචි කුමාරයෙක් වගේ.. ජන්කුක්ගේ ඔම්මා ජිමින් ලගට ඇවිත් තවත් පැටලිලා තිබුනා ජන්කුක්ගෙත් ජිමින්ගෙත් අත් අයින් කරන ගමන් ඒ අත් දෙකෙන්ම අල්ල ගත්තා..

කොහොමද පැටියෝ ඔයාට..

මං මං හොදින් ආන්ටි.. ජිමින් ජන්කුක් දිහත් ජන්කුක්ගේ ඔම්මා දිහත් මාරුවෙන් මාරුවට බලන ගමන් කියද්දී ජන්කුක් එයාගෙ ඔම්මගෙ පිටි පස්සෙන් හිටගෙන ජිමින්ගෙ ඉරියවු නිරික්ශනය කරන්න ගත්තා..

අයිගෝ පැටියෝ.. ආන්ටි ගාන්න එපා.. ඔම්මා කියන්න.. මං එහෙම කියනවට කැමති...

හ_ හරි ඔම්මා..

ජන්කුක් මොකාද එකා වගේ මේ කොල්ලගේ මූණ දිහා බලන් ඉන්නැතුව ගිහින් වතුර එකක් උණු වෙන්න තියනවා...

තාමත් තමන් දිහා බලාගෙන උනත් ජන්කුක්ගෙ ඔම්මා ජන්කුක්ට කෑගහන දිහා ජිමින් බලාගෙන හිටියේ පුදුමයෙන් ඇස් ලොකු කරන්..

ජන්කුක්ට නම් මේක ලොකු පුදුමයක් උනේ නෑ.. මොකද එයා දැනන් හිටියේ එයාගෙ ඔම්මගේ ඔලුවෙත් ඇස් දෙකක් තියනවා කියලා..🙂💔

ඔලුව වනලා බලු පැටියෙක් වගේ කිචන් එකට යන ජන්කුක් දිහා ජිමින් තමන්ගේ හිනාව පාලනේ කරගන්න උත්සහා කරන ගමන් බලන් හිටියා..

ඉතින් පැටියේ.. මං හිතුවෙ නෑ මගේ මෝඩ පුතා මට මේ වගේ ලස්සන බෑනෙක් ගෙනත් දෙයි කියලා.. හැබැයි පුදුම වෙන්න දේකුත් නෑ.. ඒකට මොලේ නොතිබ්බට ඇස් හොදට පේනව නේ නේද.. ජන්කුක්ගේ ඔම්මා ජිමින්ගේ අතකට ගහන ගමන් හිනා වෙද්දී බොරු හිනාවක් මවාගත්ත ජිමිනුත් ඇය එක්ක හිනා වෙන්න ගත්තා..

My eviL prIce.✅.🎠♨️🌈️(Complete ) JJK PJMOnde histórias criam vida. Descubra agora