8🍕🥺♣️

539 126 10
                                    

හත් ගොවුවක් දුර ඉදන් උනත් ආදරේ කරන්න පුලුවන් කිවුවට එහෙම ආදරේ කරන අයයි දන්නෙ ඒක කරන්න කොච්චර අමාරුද කියලා..

ජීකුක් දෙන්නත් තව ටික වෙලාවකින් ඒ අත්දැකීම ලබන්නයි යන්නෙ.. ජිමින්ට සිද්ද උනා උසස් අධ්‍යාපනය හදාරන්න සෝල් නැශනල් යුනිවර්සිටි එකට යන්න.. බූසන් වල ඉදන් සෝල් වලට.. අවුරුදු හතරක් තමන්ගෙ ආදරවන්තයා නැතුව තනියම..

ජින් ජිමින් එක්කම සෝල් වල නතර වෙන්න හිතුවත් එයාට හැමදාම එහේ නතර වෙන්න පුලුවන් කමක් නෑ.. මොකද එයාලා කලා ඇදලා ඉන්න නම් එයාගෙ බිස්නස් වැඩ පාඩු කරගෙන හරියන්නෑ කියලා දන්න දෙන්නම දැනන් හිටියා..

ජින් ජිමින් ජන්කුක් තුන් දෙනාම දැන් ඉන්නෙ ජිමින්ට අරන් දුන්න අපාර්ට්මන්ට් එකේ.. ජිමින් කෝලා පැටියෙක් වගේ ජන්කුක් ඇගෙ එල්ලිලා හෝ ගාලා අඩනවා..

අනේ දැන් ඇති රත්තරං... ඔයා ඔහොම ඇඩුවම ඔයාගෙ කුකි කොහොමද හිත යන්න හිත හදාගන්නේ ම්ම්..  ජන්කුක් ඇඩන එක නවත්තලා ජිමින්ගේ කොන්ඩේ අවුස්සලා කියද්දී ජිමින් තවත් හයියෙන් අඩන්න ගත්තා..

ඉතින් ඉන්න.. ඔයාට මං අඩද්දී යන්න හිතෙන්නේ නැත්තන් මං හැමදාම අඩ අඩ ඉන්නවා.. එතකොට ඔයා යන්නෙ නෑනේ..🥺 ජිමින් හූල්ල හූල්ල කියද්දී මේ දිහා බලන් හිටපු ජන්කුක් ජින් දෙන්නගේ ඇස් වලින් තරගෙට කදුලු වැටෙන්න ගත්තා..

මගේ මැණික ගුඩ් බෝයි කෙනෙක් නේද ම්ම්.. කුකි පොරොන්දු වෙනවා ඔයාට.. නිවාඩුවක් හම්බුන ගමන් මං එනවා මගේ බබාව බලන්න හරිද.. ජන්කුක් කදුලු නිසා දිලිසෙන ඇස් වලින් හිනාවෙලා කියද්දී ජිමින් වේදනාවෙන් හිනා උනා..

පොරොන්දු වෙන්න..

මම පොරොන්දු වෙනවා මැණික.. මගෙ බබාව බලන්න මං පුලුවන් හැමවෙලේම එනවා.. ජන්කුක් ජිමින්ගෙ අත තමන්ගේ අත්දෙකටම මැදි කරන් කියද්දි ජිමින් ආයෙත් යන්තම් හිනා උනා..

මං ආදරෙයි.. ජිමින් ජන්කුක් තොල් මතින් පුංචි හාදුවක් තියලා කියද්දී ජන්කුකත් ආපිට ඊට පිලිතුරු දුන්නා..

මාත් හිතාගන්නවත් බැරි තරම් ඔයාට ආදරෙයි.. ජන්කුකත් ඒ තොල් වලට පොඩි හාදුවක් දීලා කියද්දී ජින් එතනින් එලියට ගියේ අවසානවතාවට ඒ දෙන්නට තනිවෙන්න ඉඩ දීලා..

My eviL prIce.✅.🎠♨️🌈️(Complete ) JJK PJMWhere stories live. Discover now