2🎑🎀🎊️

710 168 45
                                    

තමුසෙලානම් මහවදකාරයෝ ටිකක්.. මේ පංතිය තමයි මං දැකපු ජරාම පංතිය.. සුපුරු විදිහට ගණිත ගුරුවරිය තමන්ගේ ට්‍රැක් එක අවසන් කරලා පංතියෙන් එලියට බහිද්දිම ඉංග්‍රිසි ගුරුවරයා එහෙමත් නැත්තන් ජන්කුක් මූණට මුණ ගැහුණ නිසා ගණිත ගුරුවරිය මිස් රෝස්ගේ මූණේ හීන් හිනාවක් ඇදුනෙ නිරායාසයෙන්..

ඔහ් ජන්කුක් සර්..

ආ රොස් මිස්.. මොකද මේ විනාඩි දහයක් කලින් යන්නේ.. ජන්කුක් තම අත් ඔරලෝසුව දිහා බලන් අහද්දි රෝස්ගේ හිනාවක් මැකිලා ගියා..

ඒ නොසන්ඩාලයෝ ටික කියන දෙයක් අහන්නෑ ජන්කුක් මහා එපා කරපු පංතියක් ඒක..

ඕනවට වඩා ළමයින්ට කර උඩ නටන්න දුන්නම ඔහොම වෙනව මිස්.. බොරු නම් අර බලන්න..

ජන්කුක් තමන්ගෙ ඇගිල්ලක් ඉදිරියට දික් කරද්දී ඒ දිහාට හැරුණ රෝස්ට දැකගන්න ලැබුනේ පනකඩාගෙන දුවන් යන පිරිමි ළමයි දෙන්නෙක්..

දැක්කද එයාලා මාව දැක්ක විතරයි..

ජන්කුක් තමන්ගේ හිනාව මැඩගෙන කියද්දී රෝස්ගෙ මූණටත් හිනාවක් ආවේ ඉඹේමයි...

ජන්කුක් සහා රෝස් කතාව ඇතුලේ හිරවෙලා ඉද්දී වතුර එකක් පුරවගන්න අදහසින් පංතියෙන් එලියට ආපු ජිමින්ට දැකපු දේ නිසා එතනම නතරවෙලා ඇස් ලොකු කරන් බලන් හිටියා..

ජන්කුක් කිසිම කෙනෙක් එක්ක කතා කරන කෙනෙක් නෙමෙයි සාමන්‍යෙන්.. ඒත් රෝස් එක්ක එයා කතා කර කර හිටියේ අවුරුදු ගාණක ඉදන් දන්න මනුස්සයෙක් එක්ක වගේ..

ජිමින් ටික වෙලාවක් මේ දිහා බලන් ඉද්දී ජන්කුක්ගෙ ඇස් ජිමින් දිහාට යොමු උනා.. ජන්කුක්ගෙ මූණේ ඇදිලා තිබුන හිනාව එහෙම් පිටින්ම අතුරුදහන් වෙලා යද්දී ජීමින් හරි සිහියට ඇවිත් අඩිය ඉක්මන් කරලා ජන්කුක්වත් රෝස්වත් පහු කරන් යන්න හැදුවා..

ඔහ් ජිමින්.. මිස් රෝස්ගේ කටහඩත් එක්ක නතර උන ජිමින් හිමින් තමන්ගේ පැත්තට හැරෙන දිහා ජන්කුක් බලන් හිටියේ හිස් බැල්මක් එක්ක..

කියන්න මිස් රෝස්..

ඇත්තටම දරුවෝ මට අමතක උනා අහන්න.. ඔයාට නේද මේ පාර වැඩිම ලකුණු..

My eviL prIce.✅.🎠♨️🌈️(Complete ) JJK PJMWhere stories live. Discover now