9.🍫😱💙

488 117 31
                                    

හ්‍යොන් ඉක්මනට නැගිටින්න දෙයියනේ පලවෙනි දවසෙම පරක්කු වෙලා යන්නද හදන්නෙ නැගිටින්න...

ම්හ්. ම්හ් මන් දන්නවා ගුඩ්නයිට්.. ජන්කුක් මරු කියවන්න ගද්දී ජිමින්ට නම් හිනත් එක්ක..

හ්‍යොන් ඔයා දන්නවද දැන් වෙලාව කියද කියලා.. 7යි හ්‍යොන්.. ඔයා අට වෙද්දී එතන ඉන්න ඕනි.. ඔයාට එතනට යන්නම විනාඩි_ ජිමින්ට ඉතුරු ටික කියන්න නොදීම ජන්කුක් ටවල් එකක් අරන් බාතෘම් එකට දිවුවෙ පළවෙනි දවසෙම පරක්කු වෙලා ගිහින් තාම හදාගන්න හදන තත්වේ නැති කරගන්න බැරි නිසා..

ජන්කුක් හෝදගෙන එද්දි ජිමින් හිටියේ ආයෙත් ඇදට වැටිලා හතරගාතේ දාලා නිදාගෙන..

ඒයි මොකද මේ නැගිටිනවා.. ඔයාටත් අටට ලෙක්චර් එකක් තියනවා කිවුවා නේද.. ලෑස්ති වෙනවා ඉක්මනට පරක්කු වෙනවා.. ජන්කුක් ලෑස්ති වෙන එක නතර කරලා ජිමින් උඩ දාගෙන නිදාගෙන ඉන්න පස්සට ගහන්න ගත්තේ ජිමින් සද්ද නොකර තාමත් ඇස් වහන් ඉද්දී...

ජිමින් නැගිටිනවා ලෙක්චර් වලට යන්නෙ නැද්ද ආහ්.. නැගිටින්නයි කිවුවෙ..

ලෙක්චර්ස් තියන්නෙ අටට අනේ.. ජිමින් ජන්කුක්ගෙ අතින් ඇදලා අරන් ජන්කුක්ව තදින් බදාගෙන ආය ඇස් වහාගත්තේ ජන්කුක් පරක්කු උන එක ගැන නොහිතා ජිමින්ව ආපිට බදාගද්දී..

බබා ආවට පස්සේ ඕන තරම් වෙලාවක් ඉන්න අනේ දැන් නැගිටින්න කෝ කෝ හොද බබා වගේ නැගිටින්න.. පරක්කු වෙනව නේ ලෑස්ති වෙන්න..

අනේ මනුස්සයෝ සද්ද නොකර නිදාගන්නවකෝ තාම පාන්දර හතරයි.. ජිමින් ඇස්දෙක වහගෙනම කියද්දී ජන්කුක්ගෙ ඇස් ඉඹේම නතර උනේ බිත්ති ඔරලෝසුව ලග.. ඇත්ත වෙලාව හතරයි කාල සටහන් වෙලා තියනවා දැක්ක ජන්කුක්ට ඒලොව පොල් මතක් වෙන්න ගත්තා.. තමන්ගේ තුරුල්ලේ ඉන්න ජිමින්ව ඈත් කරලා ජිමින්ගේ මූනට් එබුණ ජන්කුක් ජිමින්ගෙ ඇග පුලුවන් තරම් හයියෙන් හොලවන්න ගත්තා..

බබා. ඔයා මොකද්ද ඒ කරේ කියනවා.. ඔයා කිවුවේ වෙලාව හතත් පහුවෙලා කියලා.. මොනවද මේ පාන්දර ඇහැරන් මාවත් ඇහැරවලා ඔයා බලාපොරොත්තු වෙන්නෙ ආහ්.. ජන්කුක් ටිකක් තදින් ඇහුවත් ඒ කිසි දෙයක් තඹ සතේකට ගනන් නොගත්ත ජිමින් අනිත් පැත්ත හැරිලා කොට්ටයක් තුරුල් කරගෙන හීනෙන් වගේ කියවන්න ගත්තා..

My eviL prIce.✅.🎠♨️🌈️(Complete ) JJK PJMWhere stories live. Discover now