chapter 7

808 173 3
                                    

😎 මේ ළමයෝ... මොනාද අනේ ඔච්චර කල්පනා කරන්නේ...

🌸 නැ මං මේ...... Mr. ටේහියුන් ඔයා මොනාද කරන බිස්නස් වැඩ 🤔

😎 ඇයි ඔයා මට ලංකාවේ ඉන්කම් ටැක්ස් එකට කියලා බදු ගහන්නද අහන්නේ අහ්

🌸 මං ඇත්තම කියන්නද එහෙනම් 🥴

😎 හා

🌸 මට ඔයත් එක්ක මෙහෙම ඉන්න හරිම බයයි... අනික මං තාත්තා ඇරුනම වෙන පිරිමි කෙනෙක් එක්ක කාමරේක තනියම ඉන්න මුල් වතාව මේ 😔.. කොරියාවේ වගේ ගැනු ළමයි රෑ 7න් පස්සේ එළියේ එහෙ මෙහෙ යන්නෙත් නැ mr. ටේහියුන්... අනේ මට ඒ නිසා ගෙදර යන්න දෙන්න 🙏 චේබල්

ටාෂා අත් දෙකත් එකතු කරලා ටේහියුන්ට එහෙම කිව්වම කොල්ලට දුක හිතුන් නැති උනොත් පුදුමයි... ඒත් ටේට යවන්න හිත දෙන්නෙම නැ..

😎 හරි මේ අහන්නකො.... මං ඔයාට කරදයක් කරන්නේ නැ.. මං පොරොන්දු වෙනවා... ඇත්තටම මට ඕනි උනේ ඔයා මට උදව් කරපු නිසා ඔයාට කෑමක් දෙන්න... මාත් තාම කාල නැ අපි දෙන්නම කමු ඉතින්, පස්සේ ඔයාව මං ගෙදරට ගිහිල්ල දාන්නම්... Ok... I' ll promise you 🤞

ඒ පාර නම් ටාෂා ගේ හිත චුට්ටක් හරි ගියා වගේ... ඒත් මුළුමනින්ම කෙනෙක් විශ්වාස කරන්න තරම් ටාෂා මෝඩ නැ...

🌸 එහෙනම් අපි පහලට ගිහින් ලොබි ඒකෙ ඉදන් කෑම ගමුද... 🤔 එතනට පහළ හරි ලස්සනට පේනවා..
😎 අනේ මෝඩ ළමයෝ මේ මහා රෑ ඔයාට පහළ මොනාද පෙන්නේ කියන්නකෝ ටිකක් 🤣...

හරිනේ.... ටාෂා බ්ලේඩ් තලෙකින් බඩ කපාගෙන මැරියන්... ලැජ්ජා වෙනවා කියලා ඔහොමත් වෙනවද මොඩියේ 🤣..

🌸 අහ්හ්හ් ඔව් නේ.... කමක් නැ අපි රූම් එකේ ඉදන් කමු... මං ටිකක් වොෂ් රූම් එකට ගිහින් එන්නම්

Tasha pov :-
අය්යෝ මල වස ලැජ්ජාව අප්පා.... මගේ ගොන් කම නම්.... මේ මහා රෑ කදු අස්සේ ලයිට් දාලා තියනවද ඇත්තටම.... තාම ඉන්නේ කොළබ මානසිකත්වයෙන් නේ... කොළබ ඉතින් ලස්සනම රැට නේ....
එක පාරම දෙයක් මතක් වෙලා ටාෂා ගේ ඇස් වල කදුළු පිරුන...
" යකෝ වෙසක් එකට වඩා නත්තලට නේ මෙහෙ ලස්සන "
" ම්ම්ම්ම් මේ රෑ ඔයා එක්ක මෙහෙම ඉන්න තියෙන එකත් වාසනාවක් බබා "
ටාශාගේ කන් දෙක ඇතුලෙන් ඒ වචන ඇහෙනවා.... ඒ ගැබුරු කටහඩ ටාශාට මතක් උනා..... නිකන්ම නිකන් කටහඩක් උනත් මීට මාස 10කට විතර කලින් ඒ කටහඩ තමා ටාශාගේ ලෝකෙම වෙලා තිබ්බේ 🥺
" 😔 ම්ම්ම් දැන් සේරම ඉවරයි ටාෂා... ඔයාට ඔයා ඉන්නවනේ.... මොකටද කාවත්...
කන්නාඩියෙන් පේන තමන්ගේ දිහා බලාගෙනම ඇස් දෙකෙන් ඉබේම වැටෙන කදුළු වලට වැටෙන්න දීලා ටාෂා ඔහේ බලාගෙන හිටියා....

CEO love ( COMPLETED) ✔️✔️Där berättelser lever. Upptäck nu