Chapter 24

639 128 18
                                    

Run එක බලනවා නේ කස්ටිය...
😂😂

(මේ දැන් යන්නේ ඒ දෙන්නගේ ගිය ආත්මේ කතාව ... කතාව කියන්නේ ටේහියුන් )

😎 - බුබූ... අපි දෙන්න ගිය ආත්මෙත් මේ වගේම ආදරේ කරලා තියෙනවා... ඒත් ඔයා ලොකු හොටෙල් එකක අයිති කෙනෙක්ගේ චුටි ලස්සන රෝස මලක්....
මං ඇවිල්ල තියෙන්නේ ඒ හොටෙල් එකේ මේන් ශෙෆ් විදිහට....
දන්නවද බුබූ මට ඒ කාලේ හොදට උයන්න පුළුවන්ලු....
ඔයා ලෙඩ උන වෙලාවක බීලා තියෙන්නේ මං හදලා දීපු සුප් එකක් විතරයි....
එතනින් පස්සේ ඔයා ඒ කෑම වලට ආදරේ කරලා.... මගේ බුබූ ඒ කාලෙත් මේ වගේම බඩජාරියෙක්.. 🤣

🌸 - අනේ... මං බඩජරියෙක් නෙවෙයි මැට්ටෝ.... මේ ඒක නෙවෙයි ටේ බබා ඔයා කොහොමද ඕවා දැනගත්තේ...

😎 - ප්‍රශ්න අහන්න පස්සේ... ඉස්සෙල්ලම කතාව අහල ඉන්නකෝ

ඉතින් ඔහොම ඉද්දි... කෑම වලට ආදරේ කරපු කෙනා හැමදාම හොටෙල් එකට ආවලු... කෑම හදන ශෙෆ් ව බලන්න... ටික දවසක් යද්දී... ජෝර්ජියා... ඒ කියන්නේ ඔයා... මට ආදරේ කරලා... ඔයාගේ තාත්තා ඔයාගේ නමට venice වල තව හොටෙල් එකක් හදලා තියෙනවා....
පස්සේ ඔයා එකේ මේන් ශෙෆ් විදිහට මාව පත් කරලා ඔයත් එහෙට ගිහිල්ල....
අපි දෙන්න හරිම ලස්සනට ආදරේ කරලා බුබූ.... 😞 දැන් වගේම තමයි.... හැබැයි අවුරුදු 3කට විතර පස්සේ ඔයාට තාත්තා ගෙන් ගොඩක් ප්‍රශ්න ඇවිල්ල... මං නිසා... මං ගොඩක් දුප්පත් ගොවියෙකුගේ පුතෙක් වෙලා ඉදලා තියෙන්නේ... ඒත් ඔයාව බදින්න ඉදලා තියෙන්නේ තාත්තාගේ පෝසත් යාලුවෙක්ගෙ පුතෙක්
ඒත් ඔයා මාව අතැරලා නැ... ඔයා මාවත් අරන් දුර පළාතකට පැනල ගිහිල්ල....
අපි දෙන්න එහෙදි නම් වෙනස් කරගෙන හැංගිලා වගේ තමයි ඉදලා තියෙන්නේ.... ඒ පළාත කොහේද කියලා මට මේ විස්තර කියපු කෙනා දන්නෙත් නැ

🌸 - ටේ බබා දැන්වත් කියන්නකෝ කවුද ඔයාට මේවා කිව්වේ....

😎 - ඔයාගේ ගිය ආත්මේ අක්කගේ දුව....

🌸 - 😱 මොනවා.... ඒ... එයා... ජිවත් වෙනවද....

😎 - හ්ම්ම්ම් ඔව්... මං එයාව හොයාගත්ත....
දන්නවද බුබූ අපි දෙන්න මේ ආත්මේ නෙවෙයි ගිය ආත්මේ ඉදන් එකට ඉන්නවා කියලා මට මුලින්ම කිව්වේ... ලංකාවේ ඔයා හැම වෙලේම යන පන්සලේ හාමුදුරුවෝ

CEO love ( COMPLETED) ✔️✔️Where stories live. Discover now