#preface

825 194 78
                                    

ඉතින් kims

ඔයාලා දැනටමත් දන්නවා මේක true story එකක්  කියලා.
මේ කතාවේ අයිතිකාරයා සමහර විට මේක කියවාවි.
එයාට ඕනෙලු ඔයාලගේ comments  බලන්න. ඒ කියන්නේ අදහස්.
ඒ නිසා නිදහසේ ඔයාලගේ අදහස් ප්‍රකාශ කරන්න.මොකද මේක ඇත්ත කතාවක්..මිනිස්සුන්ගේ හැඟීම් ගැන තියෙන.

කතාවේ අයිතිකාරිය මට මේක ටික කාලෙකට කලින් කිව්වෙ.එයාට ඒක හිතේ තියාගෙන ඉන්න බෑ කියලා එයා ඒක මට කිව්වා.
එයාට මේක ගොඩක් අයට කියන්න ඕනේ වුණා..

ඔයාලා දන්නවනේ..සමහර වෙලාවට අපිට ඕනේ හිතේ තියෙන දේවල් කාට හරි කියලා හිත නිදහස් කරගන්න..
අන්න ඒක තමයි දැන් මෙයත් කරන්නේ.

මගේ යාලුවන් අතරින් සුලු පිරිසකට මම මේක කියලා ඇති..ඒ අයගෙන් මම කරුණාවෙන් ඉල්ලනවා ඇත්ත නම් ගම් මේකේ comments  වලට දාන්න එපා..ඒ වගේම තව දෙයක් ඔයාලට තේරේවි. ඒ දේ මම කියන කන් දාන්න එපා. හරිනේ... මොකද පෞද්ගලිකත්වය ආරක්ෂාකරන්න ඕනේ.

මෙයත් මගේ වයසේ...අපි දෙන්නා අතරේ ගොඩක් සමාන කම් තියෙනවා.ඒක හේතුවක් වෙන්න ඇති එයා මට මේ කතාව කියන්නත්.
මට වගේම එයාටත් migraine  තියෙනවා..මගේ යාලුවෝ ගොඩක් අයට migraine  තියෙනවා.0:) අපි ඉන්නේ migraine  සංසඳයක් දාගන්න.

මේ කතාව කියවද්දි ඔයාලට දැනේවි...

ආ මේක මොකක්ද මේ වගේ ප්‍රශ්නද එන්නේ මිනිස්සුන්ට..
මේවා සිම්පල් නේ කියලා....

ඒත් ප්‍රශ්නය තමන්ගේ නොවන තුරු පිලිතුර දාර්ශනිකයි**

අනික මේක ඇතුලේ ගොඩක්ම තියෙන්නේ තව කෙනෙක් කරන කියන දේ...ඒ වගේම වචන... කතා කරන වචන අනිත් මිනිහගේ ජීවිතේට කරන බලපෑම් ගැන..

මේක කියවන්න ඕනේ මානුෂීය විදියට.අනිත් මනුස්සයා ගැනත් හිත හිත...සහකම්පනය කියන දේ ඔලුවේ තියන් කියවන්න.

No care සීන් එකේ ඉඳන් comments දාන්න එපා කියලා ඉල්ලනවා.
මොකද හැම මිනිහෙක්ම එකවගේ නැහැ. Sensitive level  එක එක එක්කෙනාගේ එක එක විදියට තින්නේ..

මිනිස්සුන්ගේ හැඟීම් එක්ක වැඩ කරද්දි අපි පරිස්සම් වෙන්න ඕනේ.

මේ කතාවේ මූලිකම හරය ඒක..

මම හිතනවා මේ කතාව හැමෝටම වැදගත් වේවි කියලා.

මනුස්සයෝ විදියට අපි අපේ ලඟ ඉන්න මනුස්සයොන්ව ටිකක් හරි තේරුම් ගන්න බලන්න ඕනේ..

මේක ලියන්න මම ඉක්මන් වෙන්න හේතුවක් තමයි wattpad ...

මේ app එක ඇතුලේ  ගොඩක් අයට වචන වලින් හිංසා කරනවා.
එක එක හේතූන් හදාගෙන.

එහෙම කාට හරි හිංසා කරන කෙනෙක් මේක කියවනවා නම් එයාටත් තේරේවි තමන් කරන වැඩේ බරපතල කම..

ඒවගේ හිංසාවලට ලක් වුණ අයගේ කතා එක්ක බැලුවම මේක සුලු කතාවක් වෙන්න පුලුවන් ...ඒත් මේකෙන් ජීවිතේට පාඩමක් ඉගෙන ගන්න.

මම මේකේ ඔක්කොම දේවල් ලියන්නේ නැහැ..යම් සීමාවකට ලියන්නේ.
කොච්චර කොහොම කිව්වත් ඔක්කොම දේවල් කියලා හිත නිදහස් කරගන්න ඕනේ කියලා එයා නොකියපු ටිකකුත් තියෙනවා.

ඒ ටික එහෙම්මම තියේවි...........

කතාව ලියන්නේ එයාගේ pov එකෙන්..

මේක මේ වෛරය පිරිමසා ගැනීමක් නෙමෙයි.. හිත නිදහස් කර ගැනීමක්......

මගේ සාමාන්‍ය භාෂා භාවිතය මේකෙදි හොයන්න එපා..මම මේකෙදි නිදහසේ ලියන්නේ...මොකද මේක කෙනෙක්ගේ කතාවක්
එයා කියන විදියට ලියන්නේ..

එහෙනම් නම් ගම් මනඃකල්පිත ඇගේ ජීවිතේ එක් කාලෙක සිද්ධ වුණ සත්‍ය කතාව ...

                                 Truth

Truth (✔️)Where stories live. Discover now