Truth 08

488 165 63
                                    

2020.09.11

එදා chemistry clz  එක..

අපේ වෙන යාලුවෙක් එයා මිනුදි..
එයා කිව්වා එයාටත් එක්ක ඉඩ තියාගන්න කියලා..desk එකේ  වාඩි වෙන්න පුලුවන් තුන් දෙනාටයි කොරෝනා ප්‍රශ්න නිසා..
ඉතින් මායි සිතාරායි මිනුදිට ඉඩක් තියාගත්තා.

අපි හිටියේ පිටිපස්සේ ඉඳන් හයවෙනි පේලියේ විතර..ගිත්මි අපි එක්ක වාඩි වුණේ නෑ එයාගේ ඇස් පේන්නේ නෑ ඒ නිසා ඉස්සරහා පේලියේ ඉන්න ඕනේ කියලා.

ඉතින් එයාට ඉඩ තියාගත්තේ නෑ අපි..අපි හිටියේ පිටිපස්සෙ නේ.

මෙන්න ගිත්මි එකපාරටම ඇවිත් ඇහුවා මෙතන ඉන්නවද කියලා..වෙනදා ඉස්සරහින් වාඩි වෙන කෙනා අද මොකෝ මේ..

ඉතින් දැන් මෙතන මිනුදි ඉන්නවනේ...මම කිව්වා ඉන්නවා කියලා කෙනෙක්..මෙයා ඉස්සරහට ගිහින් වාඩිවුණා.

බෝම්බේ පිපිරුණේ එහේ ක්ලාස් එකේදි

මායි සිනලි ක්ලාස් එකට ගියා විතරයි මෙන්න ගිත්මිගේ අම්මා

ඔයාලා ගිත්මිට එදා වාඩිවෙන්න එපා කිව්වද..? එයා එදා ගෙදර ඇවිත් හොඳටම ඇඬුවා..මම කිව්වා තවත් ඔය වගේ යාලුවෝ ආශ්‍රය කරන්න එපා කියලා

ගස්සන් ගියා

මොකක්...දැන් අපිද එයාගේ ඇඟේ එල්ලුනේ...? එයානේ එල්ලුනේ?
අනික මේක රණ්ඩු වෙන්න ප්‍රශ්නයක්ද..?
ඇයි ගිත්මිට බැරි අපිත් එක්ක කතාකරලා විසඳගන්න ..ඇයි අම්මා පනින්නේ හැම එකකටම..

එදා හරි අමාරුවෙන් අපි ඉවසගෙන හිටියේ...

මායි සිතාරායි දෙන්නා පුදුම වදයක් වින්දේ ඒ දෙන්නා නිසා..
ඒ දෙන්නා කියන කරන හැම දෙයකින්ම විඳෙව්වේ අපි දෙන්නා.

ඒ බයෝ සර් ගොඩක් හොඳ නිසා ක්ලාස් එක අතාරින්න බැරි නිසා අපි ගියේ.

අම්මලා මේ ප්‍රශ්නෙදි අත දැම්මේ නෑ අපේ...මොකද අපේ අම්මලට සාමාන්‍ය බුද්ධිය තිබ්බා..ළමයින්ගේ ප්‍රශ්න වලට අම්මලා අත දාන්න ඕනෙනෑ කියන මතේ එයාලා හිටියේ..

ඒත් අර ආන්ටි මේක විනාස කරලා තිබ්බා.

2020.09.22

Truth (✔️)Where stories live. Discover now