Truth 01

731 183 46
                                    

Senuli pov

මම සෙනුලි....
මේක මගේ ජීවිතේ වුණ එක්තරා සිදුවීමක්..
සිදුවීමක් කිව්වට සිදුවීම් දාමයක්

කතාව ඉවර වෙද්දි සුලු සිදුවිමක් කියලත් ඔයාලට හිතේවි.
ඒත් මමයි ඒකට මුහුණ දුන්නේ..
වෛරය පිරිමහගන්න නෙමෙයි author  කිව්වා වගේ මම මේක
කියන්නේ. මට ඕනේ මගේ කතාව කියලා හිත නිදහස් කරගන්න.
සාමාන්‍යයෙන් මම ගොඩක් දේවල් කාටවත් කියන්නේ නෑ.
තනියම දරාගන්නවා.. ඒත් ඒ දේත් කරන්න පුලුවන් සීමාවක් තියෙනවා.

මුලින්ම මගේ ගැන ටිකක් කියලා ඉන්නම්.

මම 2003 ඉපදුන කෙනෙක්  Girls' only school  එකකට යන්නේ.
ඒ නිසා සාමාන්‍යයෙන් විරුද්ධ පාර්ශවය ඉස්සරහා මම ගොඩක්
ලැජ්ජාශිලී.
දක්ෂ ළමයෙක් කියලා කියන්න පුලුවන් . පන්තියේ මුල් පස් දෙනා අතර අනිවාර්යයෙන් ඉන්නවා.
Prefect කෙනෙක් .
යාලුවෝ හදාගන්න මම ගොඩක් දක්ෂයි..ඇයිද දන්නේ නෑ ඒත් ඒ අය ආසයි මාත් එක්ක ඉන්න.
හිනාවෙලාම ඉන්න කෙනෙක්.විහිළු අරන්න ගොඩක් ආසයි.
ප්‍රශ්න තිබ්බට අනිත් අයට කියන්නේ නැහැ. තනියම විසඳගන්නවා.
තනියම දරාගන්නවා.

මම එහෙම කෙනෙක්....

අපි කතාවට යමු.

මගේ හොඳම යාලුවා :  සිතාරා
අදාල කෙනා                 :   ගිත්මි

නම් ගම් මනඃකල්පිතයි

2016

එදා අපේ school  prize giving  එක.. හත වසරේ ලිස්ට් එකේ මගේ නමට නම් දෙකක් ඉස්සරහින් හිටියේ මගේ අවුරුදු පහක් තිස්සේ යාලුවෙක් වෙලා ඉඳලා දැන් වෙන පන්තියක ඉන්න සිතාරා.

මම ඉතින් එයා ගාවට ගිහින් කතාකර කර හිටියා.

එකපාරටම එතනට ආවේ උස ටිකක් මහත කොණ්ඩේ කොටට කපපු ළමයෙක්.. මම එයාගේ නම දන්නේ නෑ. ඒත් එයාට ළමයි කැමති නැති බව දැනගෙන හිටියා .

එයා එකපාරටම මායි සිතාරයි මැදින් හිටගත්තා..මගේ දිහා අමුතු විදියකට බැලුවා. ඒපාර සිතාරා එක්ක කච කච ගාලා කියවගෙන ගියා.

හහ්...... ඒ මොකක්ද ඒ වුණේ....? දැන් මම නේ සිතාරා එක්ක කතාකර කර හිටියේ.. මෙයා මේ කොහෙන්ද කඩන් පහත් වෙලා..

මම සිතාරගේ මූණ බැලුවා.. එයා අරයා එක්ක කතා කරේ අකමැත්තෙන් බව මට හොඳටම තේරුණා..මොනවා කරන්නද ආයේ මැදින් පනින්නද  ?
මම එහාට ගියා

මගේ හිතේ ඇති වුණේ එක දෙයයි

මම ඒ ළමයට කැමති නෑ..


මම ඒ ළමයට කැමති නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


To be continued •~•~•

Lan_Kimra

Truth (✔️)Where stories live. Discover now