Truth 06

536 171 147
                                    


මම අක්කගෙන් අහලා group එක only admin දැම්මා.

Online  ක්ලාස් තියෙන දවසට මිස්ට කෝල් කරලා ක්ලාස් තියෙද කියලා අහනවා..අහලා ඒ ගැන මැසේජ් එකක් ගෲප් එකට දානවා.

ඊට පස්සේ ක්ලාස් එක ඉවර වුණාම only admin අයින් කරලා ළමයි ඉල්ලුවත් නැතත් මම ලියාගත්ත මගේ නෝට් එක මම ගෲප් එකට දානවා.
ඒකේ මම ලියාගත්ත අමතර කරුණු පවා තියෙනවා..ස්ටික් නෝට්ස් වල ගහපු විස්තර පවා තියෙනවා..ඒවා පවා මම දානවා.

ඇත්තටම මම ආසයි කාට හරි පොඩි හරි දෙයකින් උදව් කරන්න.

ළමයි ඉන්බොx තෑන්ක්ස් කරලා දානකොට මට හරි සතුටුයි.

ක්ලාස් එක ඉවර වෙලා විනාඩි 30 ක් only admin මම අයින් කරනවා.
එයාලට තියෙන ප්‍රශ්න කතාකරන්න.ඒවට උත්තර සමහර දවස්වල රෑ 12 විතර වෙනකන් හොයපු දවස් තිබුනා..

කාලයක් යද්දි ඔක්කොම අය මාත් එක්ක යාලු වුණා.

එක දවසක් මට ක්ලාස් යන්න බැරි වුණා. ළමයි වෙනදා විදියට නෝට් එක දාපු නැති නිසා නෝට් එක ඉල්ලලා තිබ්බා.

මම සිතාරාගෙන් ඉල්ලුවා එයත් ගිහින් නැතුව ගිත්මිගෙන් ඉල්ලගෙන තිබ්බේ..ඒක මට එයා එව්වා.
මම ආයේ ඒක ලියලා දානකොට පරක්කු වෙන නිසා මම කෙලින්ම ඒක ගෲප් එකට දැම්මා.

මට ඒකේ ලොකු වැරැද්දක් පෙනුනේ නැහැ.. මොකද හැමදාම ළමයි ලියන්නේ මගේ නෝට් එකනේ.. වෙන කෙනෙක්ගේ එකක් දැම්මට කමක් නෑ කියලා මම හිතුවේ

මට වැරදුණා...

මම සිතාරගේ ගෙදර ගියපු දවසක එයා මට කතාවක් කිව්වා.
ඒක එයාගේ අම්මා එයාට කියලා තින්නේ මට කියන්න එපා මට දුක හිතේවි කියලා..ඒත් අපි හොඳම යාලුවෝ රහස් නැහැනෙ..ඒ නිසා එයා මට කිව්වා..

ගිත්මිගේ අම්මා එදා මම ගිත්මිගේ නෝට් එක ගෲප් එකට දාපු දවසේ
සිතාරගේ අම්මට කෝල් කරලා මට හොඳටම බැනලා.
ගිත්මිගේ අත් අකුරු වලින් තිබ්බ නෝට් එක ගෲප් එකේ තිබ්බලු.
ඒකේ එයා අමතරව හොයාගෙන ලියපු කරුණුත් තිබ්බලු..

අනේ දෙවියනේ මම පස්සේ දැක්කේ අමතර තියා මිස් දීපු ටිකවත් ලියලා නෑ හරියට..අමතර කෙහෙල්මලක් ලියලා නෑ ඒක මිස්ම කියපු ටිකක්..

Truth (✔️)Where stories live. Discover now