Truth 07

514 171 90
                                    


මම ගිත්මිට තවමත් අනුකම්පා කරනවා.

මට රිද්දන මනුස්සයෙක්ට ඇයි මම අනුකම්පා කරන්නේ කියලා හිත හිත මම එයාට අනුකම්පා කරනවා

දවසක් රෑ එය ම්මට කෝල් කරා..

Githmi : සෙනුලි හෙට chemistry clz  එකේ වැඩ කරාද

Me        : තාම නැහැ

Githmi  : අනේ මම ඔයාට තව පැයකින් ගන්නම් ..ඔයා ඒක මට කියලා
                  දෙනවද

Me        : හා

මම දැන් නයින්ට කිරි පොවනවා...
අච්චර මට බැනපු මම නැති තැන මට බැනපු කෙනාට මම උදව් කරනවා.

අම්මට මම කිව්වා.අම්මා එපා කිව්වා.ඒත් මම මෝඩයා කිව්වේ මොකක්ද ?

අම්මේ පව්නේ දන්නේ නැතිදෙයක් නේ අහන්නේ... මම කියලා දෙන්නම්.

මම ඒ වැඩේ කරලා පැයක් යනකන් බලන් හිටියා .මෙයා කෝල් කරේ නැති නිසා මම ම කෝල් කරලා මෙයාට ගාණ කියලා දුන්නා.

මෙයා ගාණ අහලා කෝල් එක කට් කරා තෑන්ක්ස් වත් නොකර..
මට හොඳ වැඩේ..

ඊට පස්සේ දවසේ මිස් ගාණ සාකච්ඡා කරා.. අපි යවපු ගණන් මිස් බලලා තිබ්බා.වැරදියට හදපු අයගේ නම් මිස් ප්‍රසිද්ධියේ කිව්වා.
එදා මම ගාණ කියලා නොදුන්නා නම් එයාගේ නමත්  එතන තියෙනවා.

අනික වැරදිලා තිබ්බේ ළමයි තුන් දෙනෙක්ගේ විතරයි ..හතර වෙනියා මෙයා වෙන්න තිබ්බා.

ඒත් මෙයා මට තෑන්ක්ස් නම් කරේම නෑ..

ඕක වුණේ සිකුරාදා දවසක.

ඊට පස්සේ දවසේ බයෝ ක්ලාස් තිබ්බා.එදා ගිත්මිගේ අම්මා මට කෝල් කරා එයාට ක්ලාස් එකට යන්න බා error එනවා කියලා.
ක්ලාස් එකට යන්න තින්නේ web site එකකින්.. මට ඒකේ කරන්න දෙයක් නෑ මම ගෲප් එකේ ඇඩ්මින් වුණාට web site එකේ creator  නෙමෙයි නේ..

ඒකේ ෆෝන් නම්බර් එකක් තියෙනවා කෝල් කරන්න කියලා.
ඉතින් මම කිව්වා ඒකට කෝල් කරන්න කියලා.ඒ වෙලාවේ මට කරන්න තිබ්බ එකම උදව්ව ඒක විතරයි .

2020.06.11

එදා මම සිතාරාගේ ගෙදර ගියාම එයා මට කිව්වා ගිත්මිගේ අම්මා එහෙට කෝල් කරලා කිව්වලු මම හැමෝටම උදවු කරනවලු එයාට විතරක් නෑලු..

Truth (✔️)Where stories live. Discover now