Truth 02

636 192 102
                                    


ඒ සිද්ධිය මට අමතක වුණා.. මම පස්සේ දැනගත්තේ එයාගේ නම ගිත්මි කියලා..

කොහොම වුණත් මම එයාට කැමති නෑ..

ඒක හරි අමුතුයි නේද..? වචනයක්වත් කතාකරලා නැති කෙනෙක්ට අකමැති වෙන එක..?
ඒත් එයාගේ හැසිරිමට මම කැමති වුණේ නෑ. ස්කෝලේ එයා ප්‍රසිද්ධ වුණේ යාලුවෝ නැති කෙනෙක් විදියට. එයා යාලුවෝ හදාගන්න දන්නේ නැහැ.

ඉතින් 2017 දි මම prefectship එකට apply කරා..
එයත් කරලා තිබුණා

මටයි සිතාරටයි හම්බුනා.

මගේ නම තිබ්බේ 45 ලිස්ට් එකකින් 19 වෙනියට. එකසිය ගාණක් apply කරලා තිබ්බා.
මට මගේ ගැන ආඩම්බරයි . ඔව් ආඩම්බර වෙන්න ඕන නේ.. ලොකු කමකට කියනවා නෙමෙයි.අපේ ස්කෝලේ ප්‍රසිද්ධ ස්කෝලයක්..ඒකේ prefect කෙනෙක්  වෙනවා කියන්නේ ඇත්තටම ලොකු දෙයක්.

මට සතුටුයි.. මොකද අම්මාවත් එච්චර ගණන් ගත්තේ නෑ මම prefectship එකට apply  කරනවා කිව්වම. අන්තිමේදි මම ඒක කරලම පෙන්නුවා.

2018

මම දහයේ..අලුත් පන්තියක්.මගේ පොඩි කාලේ යාලුවා සිතාරා හිටියා ඒ පන්තියේ. පරණ යාලුකම අපි ආයේ අලුත් කරගත්තා. හිතපු නැති විදියට අපි හොඳම යාලුවෝ වුණා.. ඇත්තටම හොඳම යාලුවා කියන එකේ හරිම තේරුම මම තේරුම් ගත්තේ ඒ කාලෙදි.

සෙනුලි කොහෙද.. එතන සිතාරා සිතාරා කොහෙද එතන සෙනුලි

මිස්ලා සර්ලා පවා අපි දෙන්නට කිව්වේ ඉඳි කට්ටයි නූළයි කියලා.

එක දවසක් අපි පන්තියේ ඉන්නකොට ගිත්මි ආවා. එයා සිතාරගේ අට වසරෙද්දි යාලුවා. ඒ කතාව මට මෙතනදි කියන්න බැහැ. මොකද සිතාරට මම කිව්වේ නෑ මම මේක ලියන්න අවසර දුන්නා කියලා.

සිතාරා මේක කියවලා මට කිව්වොත් කමක් නෑ එයාගේ කතාවත් ලියන්න කියලා..අන්න එදාට author  ඒකත් ලියාවි.

ඉතින් එයාලා දෙන්නා කතාකරා...එක පාරටම ගිත්මි

ආ ඔයා සෙනුලි නේද...? මම ගිත්මි අපි දෙන්නා දැන් යාලුවෝ හරිනේ..

මොකා....... මට නිකන් හෙනයක් පාත් වුණා වගේ...ඔහොම යාලුවෝ හදාගන්නවද..? දැන් කොයවන ඔයාලා කියන්නකෝ එක පාරටම කවුරු හරි ඇවිත් හානේ ඔයා අහවලා මම මෙයා අපි දැන් යාලුවෝ කිව්වම පුදුම වෙන්නේ නැද්ද..?

Truth (✔️)Where stories live. Discover now