Truth 03

550 185 66
                                    

මම ,සිතාරා ,ගිත්මි අපි ඔක්කොම guiding  කරා.

අපේ දෙවෙනි කෑම්ප් එකේදි ගිත්මි කොහොම හරි අපේ කණ්ඩායමට ආවා..එයා නායිකාව මම උප නායිකාව වුණා.

කෑම්ප් එකේ මිස් කෙනෙක් අපි තුන් දෙනා ඉන්න තැනකදි ඇහුවා
ඇයි ගිත්මිට ලීඩර් දුන්නේ සෙනුලිට දෙන්න තිබ්බා නේද කියලා.

ඔයාලට හිතාගන්න පුලුවන් නේද එතකොට එයාගේ තත්ත්වය.
ළමයි විතරක් නෙමෙයි මිස්ලා පවා දන්නවා.

ඒත් තාමත් මම එයාට අනුකම්පා කරනවා.

එයාගේ අම්මයි තාත්තයි දෙන්නම doctors ලා මම කැමති නැහැ අම්මලා ගැන කියන්න..ඒත්..... එයාගේ ඔක්කොම හැසිරීම් ඇවිත් තියෙන්නේ ජානවලින් වෙන්න ඇති.

ගිත්මි කතා කරද්දි කිසිම ඩිසිප්ලීන් එකක් නැහැ..
එයා කතාකරන්නේ අම්මාට වුණත් තාත්තට වුණත්
ඕනේ තරම් උදාහරණ මට කියන්න පුලුවන් ඒත් මම කියන්නේ නැහැ.

මොකද මම තාමත් මෝඩයි. මම තාමත් මගේ ජීවිතේ එක කාලයක් විනාස කරල දාපු කෙනාගේ ගෞරවයය ගැන හිතන නිසා..

ඉතින් ඔයාලා නිකන් හිතාගන්න එයා ඩිසිප්ලීන් හොඳ නැති කෙනෙක් කියලා.

කෑම්ප් එකේදි එයා එක්ක අපි රණ්ඩු වුණා.. එයාට එතකුවෙලා වැඩක් කරන්න බැහැ.. එයාට යාලුවෝ එක්ක ගණුදෙනු කරන්න හරි අමාරුයි.

එයාට තව කෙනෙක්ගේ හැඟීම් තේරුම් ගන්න හරි අමාරුයි .

එයා නිසා එදා මම කෑම්ප් එකේදි ඇඬුවා..
මට එපාම වුණා. ඒත් එයාට හැඟීම් තේරුම් ගන්න බැරි වුණාට මට පුලුවන් .

මම පව් කියලා හිතලා ආයේ සමාව දුන්නා. කිසි දෙයක් වුණේ නැති ගාණට ගිහින් එයා එක්ක කතා කරා.
එයා හිතන්න ඇති එදා ආනේ මෙයා නියමයි මට ඕනේ දෙයක් මෙයාට කරන්න පුලුවන් කියලා.

මම කලින් කිව්වනේ.. මම ගොඩක් දේවල් අනිත් අයට කියන්නේ නැහැ. තනියම විසඳගන්නවා , තනියම විඳගන්නවා.

එදා මගේ හිතේ එයා ගැන තිබ්බ පොඩි හරි යාලුකම නැති වුණා.
එතන ඒ වෙනුවට තිබ්බේ අනුකම්පාවක් විතරයි.

මටම රිද්දගෙන මම එයාට අනුකම්පා කරනවා..

මම දන්නවා මම මෝඩයි...

මම බැලුවේ එයාව තේරුම් ගන්න...ඒත් කවදාවත් එයා මාව තේරුම් ගන්න උත්සාහා කරේ නෑ...එයා මගෙන් ප්‍රයෝජන ගත්තා විතරයි .

කාලය ගෙවිලා ගියා....... අපි හොඳ වෙලාවට වෙනම පන්තිවල හිටියේ..
මායි සිතාරයි එකක එයා වෙනම එකක..
නැත්තම් මගේ O/l නුත් ඉවරයි

එයා ගණන් වලට බයයි..එදා O/L ගණන් පේපර් එක දවසේ 1st part එක ලියලා අඬාගෙන අපි ගාවට ආවම හිත හැදුවේ අපි..

එයා අපිට ලන්වුණේ ප්‍රයෝජන ගන්න විතරක් බව දැන දැනත් අපි එයාව එදා සැනසුවා.. මොකද අපි හැඟීම් දැනීම් තියෙන මිනිස්සු නිසා

මම මෝඩද...? තීරණය කියවන ඔයාගේ අතේ


Lan_ Kimra

Truth (✔️)Where stories live. Discover now