Truth 04

543 185 77
                                    

O/L results  ආවා.

අපි තුන් දෙනාටම 9As

ඒක එහෙම නොවුණා නම් ලොකු ප්‍රශ්නයක් වෙන්න තිබ්බා...
ඔයාලට තේරෙනෝනේ.සිතාරගේ අවසරේ හම්බවුණොත් මේ කතාවේ අසම්පූර්ණ තැන් ගොඩක් සම්පූර්ණ වේවි.

අපි A/L classes  යන්න පටන් ගත්තේ එකට..

ඊට පස්සේ කොරෝනා ආවා. Classes online  කරන්න පටන් ගත්තා.

මම ගියපු එක බයෝ ක්ලාස් එකක whatsapp group එකක්  හදලා තිබ්බා.ඒකේ ඇඩ්මින් අපේ ස්කෝලේ DHP අක්කා.අක්කා අහලා තිබ්බා උදව්වට volunteer admin කෙනෙක්  වෙන්න කැමති කවුද කියලා.
මට අමතරව මිසුත් ගෲප් එකේ හිටියා.තව අක්කා කෙනෙකුත් ඇඩ්මින් කෙනෙක් විදියට හිටියා .

මට මතක් වුණේ අක්කට ස්කෝලේ වැඩත් එක්ක මේවත් කරන්න බෑනේ කියන එක..
ඉතින් මම ඉදිරිපත් වුණා.
ඕනෙවට වඩා පැන පැන උදව් දෙන්න ගිහින් මට සුද්ද සිංහලෙන් කිව්වොත් කෙලවෙලා තියෙන වාර ගණන අනන්තයි..
ඒත් උදව්වක් ඉල්ලුවම ඇස් කන් පියාගෙන ඉන්න සිරිතක් මට නෑ.

මාව දන්න අය දන්නවා මොකක් හරි උදව්වක් ඉල්ලුවම මම මොන විදියකට හරි ඒක කරලා දෙනවා කියලා

ඔය group adminකම තමයි ඊලඟට ඔක්කොටම මුල..
අනිත් කෙනාට උදව්වක් දෙන්න ගිහින් අන්තිමේදි මම නරක මිනිහා වුණා.

අක්කා ගොඩක් බීසි..

ඒ නිසා අලුතෙන් ළමයි ඇඩ් කරන ඒවා කරේ මම.

මට phone එකක් නැහැ..අම්මගේ එකෙන් තමයි ඔක්කොම කරේ මම.

දවසක් එක ළමයෙක් left වෙලා තිබ්බා.

Me : කවුද ලෙෆ්ට් වුණේ

                     Unknown  : ඉන්න මම අහලා බලන්නම්

                      Unknown : ඒකා මැත්ස් එකෙක්

මම ඒ group එකට msg දාපු කෙනා බැලුවා..බලද්දි කොල්ලෙක්.

                     Unknown  : 📷

එයා group එකට  photo එකක්  එව්වා ඒකේ තිබ්බේ ඒ ලෙෆ්ට් වුණ ළමයගෙයි එයාගෙයි චැට් එක.
ඒකේ ඒ ළමයා අහලා තිබ්බා

උඹට මෙහේ කෙල්ලෝ මදි වෙලාද ගාල්ලේ කෙල්ලො එක්කමල් කඩන්නේ කියලා..

Truth (✔️)Where stories live. Discover now