Author Note

652 175 165
                                    

සෙනුලිගේ කතාව ඉවරයි..

ඕගොල්ලෝ යම් යම් දේවල් ඒකෙන් ඉගෙන ගන්න ඇති...අපියමු සාරාංශයකට.

මිනිහෙක් වුණාම හැමතිස්සෙම අනිත් කෙනාගේ පැත්තෙන් හිතන්න ඕනේ..
අනිත් මිනිහා කියන්නෙත් හැඟීම් දැනීම් තියෙන මනුස්සයෙක්නේ.නැතුව රොබෝ කෙනෙක් නෙමෙයි නේ..

අපේ කටින් පිටවෙන පුංචි පුංචි දේවල් තව කෙනෙක්ගෙ හිතට ලොකු බරක් වෙන්න පුලුවන් ..

ඒවගේම අපේ හැසිරීම් ....
ඒවා තව කෙනෙක්ට වදයක් වෙන්න පුලුවන් .

සෙනුලි ගේ කතාවේ එච්චර බරපතල තැන් නොතිබ්බට...
ඇත්තටම අදාල කෙනාගේ පෞද්ගලිකත්වය ගැන අපි ගොඩක් හිතුවා.
ඔයාලා එයාව නොදන්නවා වුණත් ඉතින් එයා ගැන නරක ඔක්කොම කියන්න බැහැනේ..

එයා ගැන දන්න අය එයා ගැන දන්නවා හොඳටම..
ඒක ගොඩක් හොඳට සෙනුලියි සිතාරයි දන්නවා.

අපි මේ කතාව අද අපි  අතරේ වෙන දේවල් වලට සමාන කරමුකො

දැන් අලුත්ම සෙල්ලම තමයි wattpad  එකේ authorලට බනින එක..
එක එක විදියට...ඒ මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වය අනවශ්‍ය විදියට හාර අවුස්සනවා.

ඔය හේතුව නිසාම ගොඩක් අය මේ app එක දමලා ගහලා යනවා.

මොකද කවුරුත් කැමති නෑ කාටවත් තමන්ට රිද්දගන්න.

මට තාම ඒක වුණේ නැහැ..මට වුණා නම් මාත් කරන්නේ ඒක.
(මේකෙන් පස්සේ වේවිද දන්නේ නෑ) මොකද වෙන අය නිසා අපි අපිවම රිද්ද ගන්න ඕනේ නෑ..
මම කියන්නේ මේ එයාලට යන්න කියලා නෙමේ..
යන්න හදන අයට මම එපා කියලා කිව්වා..ඒත් තීරණ වෙනස් කරන්න අයිතියක් අපිට නැහැ.

ඔය එක එක ඒවා කියන අයට කියන්නේ..
වචන කියන්නේ හරි බයානක දෙයක්..කියපු වහන කිව්වා කිව්වමයි..ආයේ අද්දවන්න බැහැ..

ඒ නිසා වචන හරි පරිස්සමට පාවිච්චි කරන්න ඕනේ.
පාවිච්චි කරන වචන කෙනෙක්ගේ හැඟීම්වලට ඍජුවම බලපානවා.
සමහර වෙලාවට ඔයාලට එයා පෙන්නන්නේ නැතුව ඇති..ඒත් එයා ඇතුලෙන් විඳවනවා වෙන්න ඇති.

කාටවත් අයිතියක් නැහැ කාවවත් රිද්දන්න..
මේකේ ඇතුලේ නම් කොහොමටවත් නැහැ.. මොකද මෙතන ඉන්න අය ඔයාලව දන්නේ නැහැ..
නොදන්න අයව කොහොමද ඔයාලා ජජ් කරන්නේ...

Du hast das Ende der veröffentlichten Teile erreicht.

⏰ Letzte Aktualisierung: Feb 16, 2022 ⏰

Füge diese Geschichte zu deiner Bibliothek hinzu, um über neue Kapitel informiert zu werden!

Truth (✔️)Wo Geschichten leben. Entdecke jetzt