Truth 05

506 179 41
                                    


මම එයගේ මැසේජ් නොබලා වෙන අයගේ ඒවා බැලුවා.

කෙනෙක්ගෙන් මැසේජ් එකක් ඇවිත් තිබ්බා.
English වලින් ඒකේ තිබ්බේ මම හොඳ ඇඩ්මින් කෙනෙක් මගේ කිසි වරදක් නෑ කියලා..

ඇත්තටම මගේ වරදක් නැහැ තමයි..මම පාඩුවේ හිටියේ.
එයාලම ඔක්කොම කරලා අහක ඉඳපු මට බැන්නා.

ඒ වචන ටික ඒවෙලාවේ මට ලොකු හයියක් වුණා..

මම එයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා බලන්නෙ නැතුව එයාට රාහුල් මට බනින විස්තරේ කිව්වා.

එයා මාව හොඳට තේරුම් ගත්තා.. ඒ වෙලාවේ එයාට පුලුවන් විදියට මගේ හිත හැදුවා.
ඇත්තටම එයා ඒ වෙලාවේ මට කරේ ලොකු උදව්වක්

මම චැට් කරාට පස්සේ දැනගත්තේ එයා කෙල්ලෙක් නෙමේ කොල්ලෙක් කියලා.......

රාහුල් නිසා මට කොල්ලෝ තිත්ත වෙලා හිටියේ...මාව දන්නෙවත් නැති කොහෙද යන කොල්ලෙක් බැනගෙන බැනගෙන යද්දි එපාවෙන්නේ නැද්ද..

එහෙම එපා වෙලා තින වෙලාවේ තමයි ඒ ළමයා කතා කරේ..
හැම කොල්ලම නරක නෑ කියලා මට තේරුනේ එතනදි..

අදටත් මගේ contact list එකේ එයා ඉන්නවා.ඉඳපු ගමන් විකාර කතාවක් කියවනවා..ඇත්තටම එයා එක්ක කතාකරද්දි මාර සැහැල්ලුවක් දැනෙන්නේ..

එයා හරි ඉක්මනට තේරුම් ගන්නවා..

ඉතින් රාහුල් තාමත් පිස්සෙක් වගේ මට බනිනවා..
විචාර වගේ ඒවා ටයිප් කරලා එවනවා..

මට හිතාගන්න බෑ මේ මිනිස්සුන්ට මොකක්ද වෙලා තින්නේ කියලා..

කවදාවත් තමන් නොදැකපු..තමන් නොදන්න කෙනෙක්ට ඔහොම බනින්න පුලුවන් ද...? හරිහමන් තේරුමක් ඇති දේකට බනිනවා නම් කමක් නෑ...

අනිත් හැම ළමයෙක්ම තත්තවය තේරුම් අරගෙන මට සොරි කිව්වා.

මේකා බනිනවා.

මම අම්මට කිව්වා..block කරාට වැඩක් වුනේ නැතිනිසා අම්මා ඇහුවා එයාට කෝල් කරන්නද කියලා..

අපේ අම්මා ගොඩක් සැර මනුස්සයෙක් ඔය වගේ දේවල් වලට..
අම්මා ටීච කෙනෙක්.ස්කෝලේ විනය බාර , prefectsලා බාර කෙනා අම්මා..

අනිවාර්යයෙන් අම්මා කෝල් කරොත් ඒ කොල්ලා ඉවර බව මම දන්නවා..

දන්නවනේ.....මම මෝඩයි......පව් කියලා හිතනවනේ....

මම අම්මට කිව්වා අම්මේ මම මේ ප්‍රශ්නේ තනියම විසඳගන්නද කියලා

අම්මා හා කියලා ආයේ වද දුන්නොත් කියන්න කියලා ගියා.
මොකද කෙල්ලෙක් වුණාම ප්‍රශ්න විසදගන්න දැනුම් තේරුම් තියෙන්න ඕනේ..

හොඳ හුස්මක් අරගත්ත මම කඳුලු පිහදාගත්තා

Me : ඔයා මහ පහත් කෙනෙක්..ඔයා ඔය බනින්නේ ඔයා හරියට
         තියා ඔයා කිසිසේත්ම නොදන්න මනුස්සයෙක්ට
         අනිත් හැම කෙනෙක්ම තමන්ගේ වැරැද්ද පිලිගෙන මගෙන්
         සමාවගත්තා.. ඒත් ඔයා විතරක් කිසිම හේතුවක් නැතිව
         මට බනිනවා. මගේ මනුස්සකමට මම ඔයාට සොරි
         කිව්වා. මම ඒ දේ ඔයාගෙනුත් බලාපොරොත්තු වුණා
         ඒත් ඔයා තාමත් පිස්සෙක් වගේ බනිනවා. අනිත් අයට
          පේන්නේ ඔයාගේ වරද මිසක් මගේ වරද නෙමෙයි
          ඔයාගේ ඔය විකාර නිසා මම stress වුණා. මගේ වැඩත්
          පාඩු වුණා. දැන්වත් ඕක නවත්තන්න .ආයේ මේකට
           එක මැසේජ් එකක් හරි දැම්මොත් අපේ අම්මා ඔයාට
         කෝල් කරාවි.

මම එයාව බ්ලොක් කරේ නැහැ..

ඊට ටික වෙලාවකට පස්සේ කලින් එයාට බැනපු යාලුවගේ අතේ මට සොරි කියලා මැසේජ් එකක් එවලා තිබ්බා.

මම තාමත් හිතනවා ඇයි එයා එදා එහෙම හැසිරුණේ කියලා..
මට අප්පිරියම දවසක් එදා..
මම කිසිම වැරැද්දක් නොකරත් ඇයි එයා ඒ විදියට හැසිරුණේ..?

To be continued •~•~•

Truth (✔️)Where stories live. Discover now