3rd Chapter 🌏🍁

359 80 167
                                    


.....🔴🟠🟡🟢🔵🟣⚫⚪.....

Exam අස්සේ උනත් අද කොලේජ් එකේ හැමෝගෙම වගේ මූනෙ මල් හත පිපිලා තිබුනෙ.මොකද අදින් පස්සෙ exam ඉවර වෙනවා වගේම කස්ටිය ට නිවාඩු කාලය පටන් ගන්නවා.ඒ නිසාම හැමෝම වගේ අද උදෙන්ම කොලේජ් එකට ඇවිල්ල තිබ්බා. Exam එකට ටික වෙලාවක් ඉතුරු වෙලා තිබ්බ නිසා හැමෝම වගේ මොනව හරි දේකට බිසී වෙලා හිටියා.කට්ටියක් නිවාඩු කාලය enjoy කරන්න ප්ලෑන් කරද්දී තව කට්ටියක් කල්පනා කළේ ඉදිරි දවස් ටික තමන් ගෙ යාළුවෝ නැතුව ගෙවන්නේ කොහොමද කියලා.මේක වැඩිපුර ම බලපෑවේ ආදරය කරන අයට. මොකද පාසල් නැති නිසා වෙනදා වගේ ඔවුන් තමන්ගේ ආදරණීයන් ව දකින්න වෙන්නෙ නෑ නෙ..

(A/N-ඕතරයා සතුටින් පිරිලා ඉතිරිලා ගිහින්🤪💔)

මේ අතරේ අපේ Lily යි එයාගෙ යාලුවා ජිආ යි නම් ලොකු වැඩක හිටියේ.මාස ගානක lessons දවස් දෙක තුනෙන් කවර් කරනව කියන්නෙ ලේසි පහසු දෙයක් නෙවෙයි නේ..

Lily:ජිආ... අනේ මේක🤐

Jiah:මොන මගුලක් ද යකූ මම දැන් කී පාරක් ඕක කියල දුන්නා ද

Lily:මන් හිතන්නේ 10 පාරක්.... අනේ ලෝබ නොවී තේරුම් කරලා දීපන්

Jiah:මේ අතින්ම පාර ...

*
*
*

🔔🔔

Jiah:අන්න Bell කළා .. දැන් ඉතින් ඔය පොත දාලා වරෙන්

Lily:ඕයි මට නම් බයයි.... අපි පොඩ්ඩක් washroom එකට යමු

Jiah:ඒ අහවල් දේකට ට... හෝල් එකට යමු මට බිත්තිය ලඟින් පුටුවක් අල්ලගන්න ඕනේ

Lily:උබ කොතනද... මම ඊට එහා පැත්තෙ..

TIME PASS

Exam එක ඉවර වෙලා papers ටික එකතු කරන විට සමහර අය paper එක දීලා එළියට දිව්වේ ලොකු බරකින් නිදහස් උනා වගේ හැඟීමෙන්. ඒත් තවත් කට්ටියක් කල්පනා කළේ අඩුම වශයෙන් තව මිනිත්තු 5 ක් ලැබුණා නම් කියා ය. Lily නම් බලාපොරොත්තු රැසක් පුරවාගෙන නිවාඩු කාලය දෙස බැලුවත් ජිආ නම් හිටියේ සතුටකින් නෙවෙයි. මොකද හැමදාම දකින එයාගෙ කූක්ගේ බනී මූනි දකින්න නොලැබෙන නිසා.

Lily:යාහ්...මොකද මූන බෙරි කරගෙන

Jiah:😒........

Lily:ආහ් මන් දන්නවා මන් දන්නවා

Withered flower 🌏🍁(Complete)Where stories live. Discover now