ජිමින්ගෙන් එයාගේ ලිලීට ❤️🥀

196 43 16
                                    


ආදරේ වින්දත් එදා අපි වචන කල ඒ මුල් දිනේ...
කියාගන්නට නොහැකි ලෙස දැනුනී එදා මට ඔය සෙනේ...
පවසන්න තිබුනත් බොහෝ දේ...
ඔබ සමග එක්වී රැයේ....
මතක පමනක් ලබාදී යන්නට ගියේ ඇයි වස්තුවේ...
කුමක් හෝ ලොකු පාපයක් සිදු කර ඇති මන් පෙර බවේ....
ඒ නිසයි මේ ලෙස විදවන්නේ මා...
ජීවිතේ දිගු රාත්‍රියේ...

අතින් අල්ලන් යන්න උන්නත්....
පිනක් නෑ මට ඒ වගේ...
ඔබේ නම මා මතකයෙන් ගලවා දමන්නට
කවමදාවත් බැරි උනේ...

වෙන්වුනේ අප දෛවයේ තීරනයකට බව මේ ලෙසේ...
කිමද මා හද නොපිලිගන්නේ තීරනේ දැන් ඒ ලෙසේ...
ශක්තිමත් වෙමි ඔබ නිසා මම කටුක වූවත් ජීවිතේ....
ඉතුරු කරගන්නම් මගේ පෙම ඔබම වෙනුවෙන් ම හැම භවේ...

හුස්ම ගන්නට අමාරුයි දැන්...
පපුව රිදෙනවා බොහෝ ලෙසේ...
එහෙත් ජීවත් වෙමි කෙසේ හෝ...
රැකගන්න පොරොන්දුව ඔබේ...

දිනක් එන්නම් ඔබ සොයාලා....
කියන්නට ඇත බොහෝ දේ...
එතෙක් සමුගන්නම් කෙසේ හෝ...
හොදින් හිටපන් වස්තුවේ....

↻-☉

↻-☉

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Withered flower 🌏🍁(Complete)Where stories live. Discover now