ටේගෙන් එයාගේ චූටි ඒන්ජල්ට 🥀❤️

197 43 10
                                    


යන්නට කලින් ආදරයෙන් හිස සිම්බා...
ඇස් දෙක දිලිසෙනා කඳුලක් මම දුටුවා....
නෝක්කාඩු සිනහව මං මුව පුරවා...
ඇන්නා ටොකු දෙකක් හද ශෝකය හංඟා...

සත්තයි මැණික මේ ලෙස මං නොම සිතුවා...
මහමෙර තරම් නුබ කෙලෙස ද දුක දැරුවා...
සිටිනා තැනක හිඳ අහපන් සුදු නංඟා...
ආයිත් වරෙන් ඔප්පට පාලුයි අම්මා...

නුබ නැති දවස් කෙලෙසට ගෙවමිද මන්දා...
පාලුයි හරිම වෙහෙසයි හදවත පුරවා...
අකලට පරව ගිය සුදු මල නුබ හින්දා...
පපුවට වාවන්නේ නෑ මගේ සුදු නෝනා...

හැම සසරේ ම අපේම වී ඉපදෙන්න...
අප්පයි මායි පිං දෙනවා හැමදාම...
ලැබුනොත් එකම එක පාරක් හමුවන්න...
නුබේ තැන මං අරන් යනවා නොඑන්නම...

ඉන්න තැනක සතුටින් නුබ ඉන්න කියා...
පතනවා පැතුම් හැමදාමත් පහන තියා...
මෙහෙම දුකක් කවදාවත් නොම වේවා...
තාමත් ආදරෙයි ඔයාගේ සුදු ඔප්පා....

↻-☉

↻-☉

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Withered flower 🌏🍁(Complete)Where stories live. Discover now