Final Chapter 🌏🍁

388 70 54
                                    

Tae pov

"මේ මං ආසම ලිලී මල සුවද දැනෙනකොට මන් ඉන්නවා කියලා හිතන්න..."
යාන්තමින් පුලුවන් තරම් වෙර දාලා මන් ඇස් ඇරියා.ඇස් වලට බොද වෙලා පේන ඒ රූපෙට මන් කතාකලා..ඒත්,වතුර වැඩි වෙච්ච පිංතූරයක් වගේ උබ බොදවුනා..

"ලිලී..."මගේ මුලු උගුරම වේලිලා වචන පිටවෙන්නැති තරම්..එහෙත් පුලුවන් තරම් වෙර දාලා මන් කතා කලා...ඇගෙන් දැනුනු වේදනාවට මන් එහෙම්මම ඉන්දවුනා.

Mia:"ටේ ඔයා නැගිට්ටද..ඒත් ඔයාට ඔහොම ඇවිදින්න හොද නෑ.ඉන්න මන් ඩොක්ටර්ව එක්කන් එන්නම්."
මේ ලෝකේ මන් දකින්න ආසම ඇස් දෙකක් මගේ මිආ..ඒත් මේ වෙලාවේ දකින්න ඕනි කෙනා එයා නෙමෙයි.

ටික වෙලාවකින් මගේ ඇද වටේට ඩොක්ටර්ස්ලා ගොඩක් පිරුනා.ඊට පස්සේ එයාලා මාව චෙක් කරලා රෙස්ට් කරන්න කියලා යන්න ගියා.මිආ ජිමින් අප්පා හැමෝම ඉන්නවා ඒත් කෝ මගේ ලිලී.මට මොකක්ද උනේ.මට ඒක අහන්න ඕනි උනත් මගේ උගුර හිරවෙලා වගේ මට දැනුනේ.ඒත් පුලුවන් තරම් වෙරදාලා මන් කතාකලා.

"ලි..ලී..."
මන් ලිලීව අහපු ගමන් හැමෝගෙම මූනු අදුරු උනා.ඔව් මන් ඒක දැක්කා.ඒත් ඇයි.

Mia:"ටේ ඔයාට දැන් හොදයි නේද.."
මන් ඔව් කියන්න ඔලුව වැනුවා.ඒත් කවුරුත් මන් අහපු ප්‍රශ්නෙට උත්තරයක් දුන්නෑ...

Jimin:"උබට දැන් අව්ලක් නෑනේද ටේ.."

Appa:"පුතා ඔයාට දැන් අව්ලක් නැනේ."
මන් ආයෙත් නෑ කියන්න ඔලුව වැනුවා.ඒත් මට මොකක්ද උනේ.ඇයි මම හොස්පිටල් ඉන්නේ.මේ ඔක්කොම මට දැනගන්න ඕනි උනත් මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ කෝ මගේ ලිලී කියන එක.

Tae:"ලිලී එයා කෝ.."
මන් ආයිත් එයාලගෙන් ඇහුවා

Appa:"පුතේ ලිලී මෙතන ඉදන දැන් ගෙදර ගියා විතරයි.එයා ඔයත් එක්ක තරහ වෙලා ඉන්නේ.මන් කියන්නම්කෝ එයාට එන්න කියලා.හරිද.දැන් ඔයා රෙස්ට් කරන්න.අපි පස්සේ කතා කරමු."
ලිලී එයා මෙතන ඉදලා දැන් ගෙදර ගිහින් තියෙන්නේ.ඒත් මගෙ හිතට අමුතු හැගීමක් ගලන් ආවා.ඒත් ඒ මොකක්ද කියන්න මට තේරුන්නෑ.

Tae:"මට මොකක්ද උනේ ඇයි මන් හොස්පිටල් එකේ ඉන්නේ."
මන් ආපහු කතා කලා.ඒත් එක්කම ජිමින් මන් ලගට ඇවිල්ලා මාව වැලද ගත්තා.මට මොකුත් හිතා ගන්න බැරි උනා.ටික වෙලාවකට පස්සේ ජිමින් මගේ ලගින් ඈත් උනා.

Withered flower 🌏🍁(Complete)Where stories live. Discover now