Autor Note 💜️💫

254 52 84
                                    

Hey,I am your ඕතර්....You know....😁🥀

හුග කාලෙකින් නේද...ඔන්න ලමායි අදින් මගේ කතාව ඉවරයි.මන් ගොඩක් නරකයි නේද..??පලවෙනි කතාවම sad ending කලානේ.ඔයාලා හිතනවා ඇති මට හිතක් පපුවක් නෑ කියලා.ඔව් අනී මට එහෙම එකක් නෑ තමයි.එක්කෙනෙක් මට කිව්වනේ මේක සෑඩ් එන්ඩින් කලොත් මාව මරනවා කියලා.දැන් ඉතින් ඔයාලා හෙට මගේ මල ගෙදර එන්න හොදේ.

ඇත්තටම මටත් පුදුමයි මන් කොහොමද මේක සෑඩ් එන්ඩින් කලේ කියලා.මොකද මන් සෑඩ් එන්ඩින් කතාවක්වත් කියවන්නැති කෙනෙක්.මොනා කරන්නද ඉතින් ඒක මගේ කුරිරු සතුට නේ.ඉතින් අදින් පස්සේ මන් ආයි එන්නෑ.

ඉතින් ලමායි මගේ කතාව ඔයාලා ආසාවෙන් කියෙව්වා කියලා හිතනවා.ආසාවෙන් නැති උනත් අමාරුවෙන් හරි කියෙව්වා කියලා හිතනවා.Vote කරපු comment කරපු හැමෝටම තැන්ක්‍යූ.ඔයාලගේ වෝට් කියෝලා ගොඩක් සතුටු හිතුනා.එක්කෙනෙක් මාව සුප් හදලා බොනවා කියලත් කිව්වා.සමහරු සමූල ගාතන කරන්න හැදුවා.සමාවෙන්න හොදේ මොනා උනත්.

ඉතින් කතාව ගැන කිව්වොත් ඇත්තටම මන් මේකෙන් ලව් ස්ටෝරියක් නෙමේ පෙන්නන්න හැදුවේ.side එකෙන් ලව් ස්ටෝරියක් ගලන් ගියා.ඒත් මට පෙන්නන්න ඕනි උනේ සහෝදර බැදීම ගැන.සහෝදර බැදීම කියන එක හරි අමුතු දෙයක් ලමයි.බිස්කට් එකට මරාගන්න අපි අපේ සහෝදරයට කරදරයක් උනොත් පන උනත් දෙනවා ඒක තමා ඇත්ත.මටත් ඉන්නවා අයියා කෙනෙක් මේ වගේම නට්ලූස්.මේ කතාවේ සමහරක් සිද්ධි ඇත්ත.ඇත්තටම මගේ අයියා වෙනුවෙන් මටත් මගේ පන උනත් දෙන්න පුලුවන්.කොහොම කවුරු කිව්වත් ඕනි කෙනෙක් එහෙම තමයි ලමයි.තමන්ගේ සහෝදරයා සහෝදරී කියන්නේ තමන්ගේ පන වගේ.

දන්නවද ලමයි මේක තමා නංගි කෙනෙක්ගේ ආදරේ.ගොඩක් අය කතා කරන්නේ අයියලගේ ආදරේ ගැන.ඒත් කවුරුත් දන්නෑ නංගිලා අයියලට කොච්චර ආදරෙයිද කියලා.

නංගි කෙනෙක්ට අයියා කෙනෙක් කියන්නේ මහමෙරක්.අයියා කෙනෙක්ටත් එහෙම තමා.අයියා කියන්නේ කිසි දෙයක් බලාපොරොත්තු නොවී අපිට ආදරේ කරන කෙනෙක්.එයා අපිට ආදරෙයි කියලා පෙන්නන්නෑ..රහසින් ආදරේ කරන්නේ රහසින් හොයලා බලන්නේ..ඒක තමා අයියගේ ආදරේ.ඒ ආදරේ විදිනවා කියන්නේ ඔයා මාර වාසනාවන්තයි.මන් හිතන විදිහට අයියා නංගි සහෝදර බැදීම තමා මේ ලෝකේ තියෙන සහෝදර බැදීම් වලින් ශක්තිමත්ම බැදීම ලස්සනම බැදීම.මට අයියා කෙනෙක් ඉන්න නිසා කියනවා නෙමේ මන් ඒක ගොඩක් තැන් වල දැකලා තියෙනවා.ඉතින් එහෙම අයියා කෙනෙක් ඉන්න නංගි කෙනෙක් ගොඩක් ගැම්මෙන් ඉන්නේ.ඇත්තටම කිව්වොත් මාත් හෙට ඔලුවෙන් ඉන්නේ ඒක නිසා..හි..හී...ගොඩක් කෙල්ලෝ දුක් වෙනවා අයියා කෙනෙක් නෑ කියලා.ඒ හැමකෙනෙක්ටම ලබන මතු ආත්මෙක අයියා කෙනෙක් ලැබෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා.මොකද කිව්වොත් ඒ බැදීම එතරම් සුන්දරයි.කොච්චර මරා ගත්තත් දෙන්නට දෙන්නා නැතුව බෑ.අත්දැකීම් වලින් කියන්නේ.ඇත්තටම කිව්වොත් දවස් දෙකක් අයියා නැතුව මට ඉන්න බෑ.ජීවිතේම හිස් වෙලා වගේ දැනෙන්නේ.ඉතින් අයියා කෙනෙක් පතන හැම නංගි කෙනෙක්ටම ලබන මතු ආත්මෙක අයියා කෙනෙක් ලැබෙන්න ඕනි.

ඒ වගේම මන් ඔයාලගෙන් ප්‍රශ්නයක් ඇහුවා...හාස්කම් විශ්වාස කරනවද?? කියලා.ගොඩක් අය ඔව් කියලා තිබ්බා.ඒත් ඇත්තටම මන් නම් හාස්කම් විශ්වාස කරන්නෑ ලමයි.හාස්කම් වෙනවා ඒත් හැමෝගෙම ජීවිත වලට හාස්කම් වෙන්නෑ.හැමෝගෙම ජීවිත වලට සතුට අවසානයක් උරුම වෙන්නෙත් නෑ.ඒක තේරුම් අරන් ජීවත් වෙන්න.වැරැද්දක්ද කරන්න කලින් දෙපාරක් හිතන්න ඒ වැරැද්දෙන් කෙනෙක්ගේ ජීවිතේ උනත් විනාශ වෙන්න පුලුවන් කියලා හරියට ලිලීට ජීවිතේ නැති උනා වගේ.වැරදි ඇති ඒත් ඒවා හදන් ඉස්සරහට යන්න ඕනි.අපි කරන දෙයක් නිසා තව කෙනෙක්ට දුකක් ඇති වෙන්න පුලුවන් කෙනෙක්ගේ ජීවිතේ නැති වෙන්න පුලුවන්.ඒක නිසා දෙයක් කරන්න කලින් දෙපාරක් හිතන්න.

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

ඉතින් මේක අයියා කෙනෙක්ගේ වැරදි නිසා තමන්ගේ ජීවිතේම දන් දීපු නංගි කෙනෙක්ගේ කතාව.

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀 🥀🥀🥀🥀🥀

ඉතින්.....මේ කතාව ලියන්න උදව් කරපු හැමෝටම ගොඩාක් තැන්ක්‍යූ..

විශේෂයෙන්ම මේ කතාව අද නෑ Kavindya1234 අක්කා නැත්තම්.මේ කතාවේ බාගයක්ම ක්‍රෙඩිට් එක යන්න ඕනි එයාට.ඉතින් එයාට ගොඩක් ආදරෙයි.නංගි මේම ලියමු අරම ලියමු කියලා කිව්වේ එයා තමා.කතාවේ cover එක හදලා දුන්නෙත් එයා.ඒකත් මාරම ලස්සනට හදලා දුන්නා.ගොඩාක් තැන්ක්‍යූ කවී අක්කේ ඔයාට.ආදරෙයි ගොඩාක්.

ඒවගේම yoon_sathsarani නංගි එයාට තමා මන් හැමදාම කතාව ලියලා ඉවර වෙලා ඒකෙ වැරදි තියෙනවද කියලා බලන්න යවන්නේ.ගොඩක් වෙලා මේකේ ඉමෝජි දාලා දුන්නේ එයා.එයාටත් ගොඩාක් තැම්කූ.

Sheree_07 ,Lumi_1212 ,JoenIshu3 ,ParkJiYoon2006මේ හැමෝටම ගොඩාරියක් තැම්කූ මේක ලියන්න උදව් කලාට.

බ්ලා බ්ලා බ්ලා..ඇත්තටම කියන්න දේවල් නෑ මට.එහෙනම් ඉතින් මන් ගිහින් එන්නම්.

"Withered Flower 🌏🍁"එක්ක රැදිලා හිටපු හැමෝටම ගොඩාක් තැන්ක්‍යූ...සරංහේ..💜️😂

I 💜 Yousaranghae❤️🥺

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

I 💜 You
saranghae❤️🥺

Tharu🍂

Withered flower 🌏🍁(Complete)Donde viven las historias. Descúbrelo ahora