දෙවන දිගහැරුම 🍁🍁🍁

691 82 42
                                    

"රෑ පින්න ඇතුලට එනවා.... යසයි මහ වෙදෙක් සැපපහසුවට දිගැදිලා කකුලුත් උඩ දාගෙන නිදි කිරන අපුරුව"

කාමරයේ තිබුණු සෝෆාව අසලින් නැගුන කටහඬ උඩ විසිවී හිස එසවූ ඔහුගේ.... මුව විවරවිය.... ඔහුගේ මුවින් වදන් පුරන්නට ප්‍රථමයෙන් උණුසුම් අත්ලක් පැමිණ තම මුහුණ ස්පර්ශ කරනා අයුරු දැනෙද්දී.... තම හර්ද ස්පන්දනය පිටට ඇසෙනා තරමටම වේගවත් වන බව එතන සිටි අනෙකාටත් දැනෙන බව සදෙව් දැන සිටියේය......

"ගඟු.... Are you tired.... Hmmm...."

සදෙව් ගේ මුහුණ.... පුටුව පිටුපසම සිට තම දෙඅත් අතර රුවා ගත් ඔහු ලයාන්විත ස්වරයකින් මුමුණා අනෙකාගේ හිස් මුදුනතෙහි හාදුවක් සටහන් කලේ ආදරයෙනි....

'යසයි අහන අපුරුව....  තාම මගේ පපුව ස‍ට ස‍ට ගාලා ගැහෙනවා.... හැංගිලා ඉඳලා මාව  බය කරලා.... මගේ ලස්සන හීනෙත් නැති කරලා.... එනවා තව මෙතන.... ඉන්නවකෝ කරන්න හොඳ වැඩක්.... කතා කරන්නේ නෑ ආපහු මට ඇති වෙනකම්..... මහ ලොකු දොස්තර මහත්තයා.... තව ටිකෙන් රන්කඳක් වගේ ඉන්න මගේ හාටුව ගැලවිලා යනවා...'

සදෙව් ඔහුගේම හිතත් එක්ක පුංචි ගැටුමක පැටලිලා වගෙයි.....

පුටුව පිටුපස සිටි ඔහු කැරකි සදෙව් ඉදිරියට පැමිණියද, ඔහුගේ ආදරණිය ගඟු එක මොහොතකටවත් හැරී බලන්නට වෙහෙස නොවූ බැවින් දෙවන්නාගේ මුව මත සිහින් සිනහවක්‌ ඇඳි වියැකී ගියේ සැනකිනි.....

පළමු වැන්නා ඔහුගේ බේබි රෝස මල් පැහැය ගත් දෙතොල් එකිනෙක තද කොට තෙරපා හිස එක පසකට ඇල කරගෙන සිටි ඉරියව්ව නිසා දෙවැන්නා ඔහු පසුවන්නේ අමනාපයෙන් බව තම හිතට තරවටු කොට පැවසුවේය....

'ඔන්න බලන්නවකෝ  යෂ්..... තමුන්ගේ ගොන් වැඩේ නිසා පොඩි එකා හොඳටම බය උනා.... දැන් ඒකා නිකමට මන්දිහා හැරිලා බලන්නේ නෑ.... ආ... එහෙමද පොඩි එකෝ..... '

දෙවැන්නා තම හිතත් එක්ක රණ්ඩු වෙවි... සදෙව් දිහා බලාගෙන ඔහුගේ නිකටට ඇඟිල්ල තබා තම දෙසට හරවා ගත්තේ මුහුණේ රැඳුනු සිනහවක් සමගයි....

"මැණික.... මාත් එක්ක තරහ වෙලාද..... ඔයාව බය කරන්න හිතුවේ නෑ.... මං ඇවිත් දැන් පැය තුනක් විතර වෙනවා..... ඔයා එනකම් බලාගෙන ඉඳලා මට එහෙම්මම සෝෆා එකේ නින්ද ගිහිල්ල අනේ...... ඔයා පැය හතකටත් වැඩිය තියටර් එකේනේ ... ඔයාට මහන්සිද.... ම්ම්ම්...."

🍁සුව අරණ🍁Where stories live. Discover now