දහතුන්වන දිගහැරුම 🍁🍁🍁

239 42 52
                                    


💖💖💖💖💖
අතු පතර වසා සිටි.....
සියොත් කැළ.....
තටු ගසා, පිටව ගිය කල.....
ගසේ සියලු කොළ හැලි ගොස් ඇති බව....
දකිනතුරු මායාවට අසුව,
දිවි ගෙවන්නෝ වෙමු අපි.....
පිරිමියෙක්ගේ ආදර හිත,
ගැහැනියකටම තනි රක්කවන්නට,
වෙර දරන සමාජය.....
පිරිමි හිතක් ළඟ,
ආලවන්තකම් පෑ පිරිමි හිතකට....
අහවල් සමාජය,
පයින් නොගසනා තුරු....
දෙවියන් යදිමු......
පිරිමි හිතක් ළඟ පිරිමියෙකුට....
නිදහස හිමිව,
ජිවිත අසපුව සුවඳ කරනා,
බලා සැනසෙන සුව සහනය....
ලැබෙන තුරාවට.....🌹🌹

***********************************

උදැසන අටට කිට්ටු වුවත්, බලන්ගොඩ සිට නුවරඑලියට දුවන මාර්ගයේ සියුම් මිදුම් තට්ටුවක් පාර වසා පැතිරෙමින් තිබුනේ මේ උඳුවප් මාසය බව නැවත නැවත මතක් කරන්නට මෙනි..... මීදුම බාන පාරේ වම් පසට වෙන්නට බලන්ගොඩ සිට නුවරඑළිය දෙසට දුවන බ්ලැක් කලර් අව්ඩිය කි..... එය පදවමින් සිටියේ තලෙළු පැහැ මුහුණ මත සිනහව, වාන් දමන තරුණයෙකි..... නමුදු අවුඩිය තුල වාතාවරණය පිටින් බලන පෙනුමට සමකාමී වුවද..... එසේ නොවීමට හේතු සාදක එමටය.....
දෙවැන්නාගේ මුහුණ වාහන රෝදයකට හසුවූ කජු ලෙල්ලක් මෙනි 😂😂😂
මුහුණත් දික් කරගෙන අහක බලාගෙන සිටි......

සදෙව් සිටියේ දවසක් තුල සිදු වූ අරුම පුදුම විපර්යාසය ගැන හිතමිනි......  අවුරුදු දෙකක් යනතුරු අත්තම්මා තමාව මුණගැසීම පමණක් නොව, සදෙව් සමග කතා කිරීමද ප්‍රතික්ෂේප කල අතර.... දෑ අවුරුද්දකට පසුව තමා හා කතා කිරීමට එකඟ වීමත් ඊශාන්ත් අතරත් සම්බන්දයක් ඇද්ද යන්නට දහ අතේ කල්පනා කලත් අදහසක් ඔලුවට නාවේය..... සදෙව් ගේ සිහින  ලොව බිඳිමින් පසුබිමින් වාදනය වූ සංගීතය ඔහුගේ සිත පැහැර ගන්නට සමත් විය..... 😀😀😀😀

🎶🎶🎶🎶🎶

සොඳුරු අතීතයෙ නිමල පැතුම වී
මගෙ හද තුල ඔබ ඉන්න ඇතී
ඒ හින්දා යලි සෙනෙහි සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඇතී......

🎶🎶🎶🎶🎶🎶

තමනුත් ඊශානුත් එසේ වන්නට ඇති බව සදෙව් සිතුවේය.....  ☺️☺️☺️

🍁සුව අරණ🍁Where stories live. Discover now