සිව්වන දිගහැරුම 🍁🍁🍁

401 57 16
                                    

"ඔය ඉතිං පාන්දරම අවුස්ස ගන්න හදනවනේ...."

පෙනෙන නොපෙනෙන සිනහවක් මුව රඳවාගත් සදෙව් නාන කාමරය වෙත ඇවිද ගියේ නිදිගැට කඩමිනි.....

'කොහෙද චුට්ටක්වත් රොමැන්ටික් වෙන්න දන්නේ නැ...  මං මහලොකුවට කිස් කලායෑ ..... ඒක මේ නිකං චුටි පීක් එකක්නේ.... හ්ම්.... පාන්දරම මුඩ් ඒක කනවා තව චුට්ටක් ගියානම්..... මකලොකු ඩොක්ටර් ඊශාන්ත්.... හ්ම්... මොකෝ කාටවත් පේන්න මං ඕවා කරනවා යෑ......'

සදෙව් මුනත් දෙක කරගෙන එහෙම හිතුවා විතරය..... ඕක කටින් කියන්න ගියානම් අද දවසේ ගන්න ඔෆ් එකෙනුත් පලක් නොවන බව නොහිතා සිටින්නට ඔහු සිතට තරවටු කළේය.....

"ඩොක්ටර් සදෙව් කුටු කුටු ගාන්න එපා.... මගේ කන් දෙක ඇහෙනවා හොඳට....."

'මේ මිනිහට අමුවෙන් කැවිලද මන්දා මේ පාන්දර.... හහ්.... තේරෙන්නේ නැද්ද මන්දා ඕක නැග්ගම කොහොමද දැන් පේෂන්ලා බලන්න යන්නේ.... දකින දකින එකා හිනා වේවි.... කිව්වට තේරුම් ගන්න කෙනෙක්ට ඕනේ කියන්න .... අයියෝ කඩවලේ..... '

ඊශාන්ත් ද සදෙව්ට දෙවෙනි වන්නේ නැත....ඔහුද සිතින් හොඳ හැටි දෙහි කපයි...... අහෝ මේ පෙම්වතුන් මේ හිමිදිරියේ එකිනෙකාට පද හදන අපුරුව.....

මිනිත්තු කිහිපයකට පසු නාන කාමරයෙන් පිටතට ආ සදෙව් දුටු ඊශාන්තේ මුව බාගෙට විවර විය.....

"ඒයි මැට්ටා.... පිස්සුද ගොනෝ මේ වෙලාවේ කොන්ඩෙ තෙමා ගත්තේ.... කොහේ බලාගෙනද මුණ හේදුවේ ආ....."

දීය බේරී බේරී පිටතට ආ සදෙව් හට ඊශාන්ත්ගෙන් හොඳා හැටි කන පිරෙන තරමේ හෑල්ලක් අසන්නට විය....

"හරී හරී අනේ ඕන කමින් තෙමා ගත්තේ නැ..... කොහෙද මේ මුණ හොදනකොට වැරදිලා ටැප් එක වෙනුවට ෂවර් එක ඇරුන.... එච්චරයි...."

"ආ.... කියන අපුරුව තව ....කරගෙන තව කියවන්නත් එනවනේ..... "

'අනේ අම්මෝ සද්ද නැතුව ඉන්න ඕනේ..   කන කීන් ගානවා මෙයාගේ පට්ට වොයිස් එකට...... ඔන්න සදෙව් දත් නැතුව බත් කන්න ඕනේ නම් තව කටගහපන් පුතා....' යැයි සිතමින් සදෙව් සොෆාවේ හිඳ ගත්තේ... දැන් ඊශාන්ත් ඔහුගේ හිසකේ වලින් බේරෙන දිය පිහදා දමන බව දන්නා නිසාමය......

🍁සුව අරණ🍁Where stories live. Discover now