දහනවවන දිගහැරුම 🍁🍁🍁

408 31 24
                                    

💝💝💝💝💝💝💝
නෙතු පුරා...
දෝරේ ගලනා....
උණු කඳුළැල්.....
රූරා වැටෙනා.....
අඳුරු සුයාමයක,
හිත පුරා විසිරුණු.....
සුවඳ මතකයන්....,
නුඹ නොමැති විට......
තනි රකී, නිදි නොමැති....
මගේ යහන මත......

(නුඹ නමට පේවුණ හිත.. තනි නොකරන්න...... - මං නුඹේ 'යෂ් ')
💔💔💔💔💔💔💔💔

තලෙළු පැහැ උවන මත... වෙනදා නින්දෙනුත් කතා කරනා දෑස
මලානික වී ගොසිනි...
දීප්තිමත් සිනහවකට පාර කියූ.... ගිරවෙක් වගේ අතොරක් නැතිව කතා කල...
නෙළුම් පැහැ දෙතොල ගොළුවී ඇතැයි සදෙව් ට සිතිනි.....
තම පුළුල් ළය මත නිදියහන සදා ගත් තම ස්නේහවන්තයාගේ හිස සෙමෙන් අතගාමින් සදෙව් කල්පනාවේය.... ඊශාන්ත්ගේ මුවින් දුක්බර සුසුමක් ඔහුටත් නොදැනීම පිටවිය.. 

පැහැදිලිව පෙනෙන කඩදාසියක් සේ සදෙව්.. ඊශ්න්ත්ගේ හිත හැඳින්නේය.... එනිසාවෙන් ඊශාන්ත් බොළඳ පිරිමියකු යැයි සිතා අත හැර දැමිය නොහැක.... ඊශාන්ත් තමන්ට කොතරම් ආදරේ දැයි සදෙව් දනී.... ඔහුද එසේමය.... නමුත් ඔවුන් දෙදෙනාම තමන්ගේ කියන අයටද ඒ ලෙසම ආදරේ වී නිසාවෙන් අද  මේ විදියට එක තැනක ලත වන බව දනී......

සදෙව්ගේ කල්පනා ලොව මල් වනේ දැහැන බිඳිමින් ලද කෙටි පණිවිඩය මහ හඬින් හඬන්නට වුයෙන් අකමැත්තෙන් වුනත් දුරකථනය අතට ගත්තේ කවුදැයූ විපරම් කිරීමටයි..

""Oh my gdness..""

කෙටි පණිවිඩය බලන්නටත් කලින් තිරයේ සටහන් වූ නම දැකීමෙන්ම සදෙව්ගේ දෑස් දීප්තිමත් විය....

""විකී.... 🤩""

""Im on my way to see you... Get ready to face me... I know he is still sleeping knw... Dont wake up him.... I will be there half an hour.... Send me the location....""

ඊශාන්ත්ගේ සුව නින්දට බාදා නොකළ සදෙව්.... යන්තම් සද්දයක්වත් නොනැගෙන පරිදි ඊශාන්ත්ව කොට්ටයක් මත තබා.... ඇඳෙන් බැස ගියේ නාන කාමරය වෙතයි....
අවුරුද්දකටත් වැඩිමනත් කාලයක් දකින්නට මග බලා සිටි ඔහු අද සදෙව් සොයා පැමිණෙන්නේය... දුරකථනය හරහා පමණක් සංවාදයේ යෙදුන ඔවුන්  මුණගැසෙන්නට ඉතිරිව ඇත්තේ සුළු කාලයකි.... කාලයක් බලාසිටි ප්‍රශ්නයක් විසඳි යන්නට පටන්ගත්තා වගේ හැඟීමක් සදෙව්ට දැනෙමින් පැවතුනි....

🍁සුව අරණ🍁Where stories live. Discover now